IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විජේදාසගේ පුතා කමිටුවට පත් කළේ ඇයි?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් අතුරු කමිටුව පත් කරපු එක හොඳ නමුත් එම කමිටුවට පත් කරපු අය ගැන සැකයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම අතුරු කමිටුවට විජයදාස රාජපක්ෂගේ පුතා පත් කළේ ඇයි දැයි විජිත හේරත් මහතා ප්‍රශ්න කළේය.

විජිත හේරත් මහතා මෙසේ ද කීය.

ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රශ්නය අද ඊයේ ඇති වූ එකක් නොවේ.

ක්‍රිකට් බෝඩ් එක එක පැත්තකින් මුදලටත් එක පැත්තකින් දේශපාලනයටත් යටවී තිබේ.ක්‍රිකට් ක්‍රීඩකයන් තම දක්ෂතා පරිදි උපරිමයෙන් ක්‍රීඩා කරනවා.ක්‍රිකට් බෝඩ් එක මුදලට ගේම් ගහනවා.මේ ක්‍රියාව ගැන ජනතාව ඉන්නෙ ඉතා කනස්සල්ලෙන්.ක්‍රිකට් පරිපාලනයේ දූෂිත නිලධාරීන් නිසා ජයග්‍රහණ රටට අහිමි වෙනවා. ක්‍රිකට් බෝඩ් එක කෝප් කමිටුවටත් එන්න කැමති උනේ නැහැ .ඒකටත් ගෙන්න ගත්තේ ඉතා අමාරුවෙන්.

විශ්ව විද්‍යාලයක් ඇරඹීම සඳහා මහනුවර ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සම්බන්ධ මිලියන ගණන් වියදම් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනයක් තිබෙනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න පවුල් කීපයක් තිබෙනවා. සුමතිපාල පවුල කාලයක් අධිපතිකම දැරුවා ,ඊට පස්සේ ධර්මදාස පවුල ඊට පස්සේ රණතුංග පවුල.පරිපාලනය දරන්න ඕන මේ පවුල් තුන විතරද.අර්ජුන රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් පරිපාලනයට සුදුසුද කියා ප්‍රශ්නයක් තිබෙනවා.

ක්‍රිකට් අතුරු කමිටුව පත් කරපු එක හොඳයි. නමුත් කමිටුවට පත් කරපු අය ගැන සැකයක් තිබෙනවා .විජයදාස රාජපක්ෂගේ පුතා පත් කළේ ඇයි.ධර්මදාස පවුලේ කෙනෙක් පත් කළේ ඇයි?අර්ජුන කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්.ක්‍රිකට් අතුරු මණ්ඩලයට එතුමා පත් නොකර ඉන්න තිබුණා.එතුමා මීට පෙර ක්‍රිකට් බෝඩ් එකට චන්දෙ ඉල්ලපු එක්කෙනෙක්.ක්‍රීඩා ඇමති තුමාගේ අවංක ඉදිරිපත්වීම බලලා වෙන කෙනෙක් ගේමක් ගහන බව පේනවා. ඒ ගේම ගැනත් බලන්න.

 



අදහස් (5)

විජේදාසගේ පුතා කමිටුවට පත් කළේ ඇයි?

Pubudu Thursday, 09 November 2023 12:59 PM

කිසිම දේකට උදව්වක් නොදෙන, හැම දේකම වැරැදි හොයන පුදුම කොට්ඨාශයක්...

:       0       0

ravin Thursday, 09 November 2023 01:04 PM

ඒ පත්වීම කළේ හරක් කටා මුදල් දුන්නු හින්දද?

:       0       0

Aravind Monarawila Thursday, 09 November 2023 01:07 PM

අර්ජුන, විජේදාසගේ පුතා විතරක් නෙවෙයි... මුසම්මිල්ලාගේ ඥාතියෙකුත් ඉන්නවා. ඒ ගැනත් කතා කළ යුතුයි...

:       0       0

chandani Thursday, 09 November 2023 05:48 PM

මගෝදිස් කෙනෙක්...!

:       1       7

Bamunuarachchi Friday, 10 November 2023 05:56 AM

ඇයි අපේ ජෙප්පෙක් පත් නොකළේ... අපිට තිබෙන ප්‍රශ්නය ඒකයි? අතුරු කමිටුවට පත්වූ පුද්ගලයාට තිබෙන විරුද්ධත්වය විජේදාසගේ පුතා වීම නැතුව මෙයාට ප්‍රශ්න වෙලා තිබෙන්නේ එක මස්සිනෙක් ඉල්ලන වාරන නියෝගය වගවිභාගයකින් තොරව අනික් මස්සිනා අනුමත කිරීම නොවේ. මෙයාට අසූචි තැවරූ ඉලපතකින් ගහලා පන්නන්න ඕනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site