IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වගා හානි වූ ගොවීන්ට අස්වැසිල්ලක්

(අංජුල මහික වීරරත්න)

2021-22 මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් මෙම වන්දි ලබා දී ඇත.

2021-22 මහ කන්නයේ දී නියඟය, ගංවතුර හා වන අලි හානි මගින් වගාවන්ට සිදුවූ හානිය සැලකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත. මේ යටතේ ගොවීන් 31,613කට අක්කර 42,934ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බෝග වර්ග හයක් සඳහා අක්කරයකට  ලබා දෙන රක්ෂණ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

ඒ සඳහා රජය රුපියල් 40,000ක් ලබා දෙන අතර ගොවීන්ට ඉතිරි මුදල වන රුපියල් 60,000 සඳහා තම අභිමතය පරිදි කන්නයකට රුපියල් 6400ක් ගෙවා අක්කරයකට රුපියල් ලක්ෂයක් වන්දි ලබා ගැනීමේ වැඩ සටහනෙහි දායකත්වය ලබා ගත හැකි බව අමාත්‍යාංශය පවසයි .



අදහස් (0)

වගා හානි වූ ගොවීන්ට අස්වැසිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site