IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වගා හානි අක්කර හැටදාහ ඉක්මවයි

(අංජුල මහික වීරරත්න)

රට පුරා කුඹුරු අක්කර 60,930ක් නියඟය නිසා හානි වී  ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එයින්  ගොවීන් 62,375 දෙනකු පීඩාවට පත්ව සිටින බවද කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

තවදුරටත් වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654. 40කි. එමෙන්ම බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 32,144කි.

දෙවන ස්ථානයට වැඩිම කුඹුරු වගා හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ උඩවලව කලාපයෙනි. එය අක්කර 14,810. 13ක් වන අතර බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 11,651කි.

මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසක් වේ. දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය නිසා අඩු තරමින් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇතැයි අනුමාන කෙරේ.

මෙම වගා හානිවල ස්වභාවය අනුව වැඩිම වගාහානි වාර්තා වන්නේ  කුඩා වැව් යටතේ වගා කරන ලද කුඹුරු වේ. මේ හැර උඩවලවේ ජලාශය යටතේ වගා කරන ලද කුඹුරු වැඩිම අස්වැන්නක් රටට දෙන කුඹුරු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නමුත් මහවැලි හා අනෙකුත් ප්‍රධාන ජලාශ යටතේ වගා කරන ලද කුඹුරුවලින් ඉහළම අස්වැන්නක් ලැබී ඇති බව වාර්තා වේ.

මෙම වගාහානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොකරන අතර ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රටේ පවතින බව අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

වගා හානි අක්කර හැටදාහ ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site