(අංජුල මහික වීරරත්න)
නියඟය, වර්ෂාව සහ සේනා දළඹු හානිය නිසා යල කන්නයේ වගා අක්කර 70,000 කට ආසන්න ප්‍රමාණයක් හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කර ඇති වාර්තාවට අනුව කුඹුරු අක්කර 68,340.35 ක් වගා හානි සිදු වී ඇති අතර, එමඟින් ගොවීන් 70,188 දෙනකුට බලපෑම් එල්ල වී ඇත.
එමෙන්ම ලොකුලූනු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි වගා කරන ලද ගොවීන් 409 දෙනකුට බලපෑම් එල්ල වී ඇති අතර, ඔවුන් විසින් වගා කර ඇති අක්කර 461.85 කට හානි සිදු වී තිබේ.
දැනට වැඩිම වගා හානි වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ අක්කර 26,813.67 ක් හානි සිදු වී ඇති අතර, බලපෑමට ලක්වූ ගොවීන් ප්‍රමාණය 32,245කි.
දෙවැනි ස්ථානයට වැඩිම හානි ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වේ.උඩවලවේ අක්කර 14,810.13 ක් වගා හානි සිදු වී ඇති අතර ගොවීන් 11,651 කට බලපෑම් එල්ල වී තිබේ.ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 5,483.75ක් වගා හානි සිදු වී ඇති අතර, ගොවීන් 4,493කට බලපෑම් එල්ල වී ඇත.
මීට අමතරව මාතලේ අක්කර 1,496ක්, පුත්තලම අක්කර 2,244ක්, පොළොන්නරුව අක්කර 1,728ක්, මොණරාගල අක්කර 1,136ක්, බදුල්ලේ අක්කර 1,044ක්, රත්නපුර අක්කර 1,721ක් සහ අනුරාධපුර අක්කර 1,748ක් වශයෙන් වගා හානි වාර්තා වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වගා හානි තක්සේරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඉන් අනතුරුව වගා හානි වන්දි ගෙවීම සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමටත් නියමිත බව ද ඇමතිවරයා පැවසීය.මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙවර ගෙවීමට රජයට සිදුවන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වගා හානිය අක්කර 70000යි
lankaputha Friday, 22 September 2023 02:42 PM
මෙම පුද්ගලයා ගනුදෙනුවේ විශාලතම කොටස උපයා ගැනීමට උත්සාහ කරන ආකාරය