IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වගාවෙන් මාටියා ගැසූ රොත්තකට දඩුවම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අංශ නවීකරණ  ව්‍යාපෘතියේ  අක්‍රමිකතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට  කරුණු වාර්තා කිරීමට  පියවර ගෙන ඇති බවත්  එම අක්‍රමිකතාවලට සම්බන්ධ  සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැවිලි  සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ගාලු දිස්ත්‍රික්  මන්ත්‍රී නිශාන්ත පෙරේර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය.

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය  2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක වුණා.  මේකට ලෝක බැංකුවෙන් තමයි ආධාර කරලා තිබුණේ. ඇමරිකන් ඩොලර් මිලියන 48.6ක්.  අපිට ලැබිච්ච ණයක්. ණය  හැටියට ලෝක බැංකුවට ගෙවිය යුතුව තිබෙනවා. මේ ව්‍යාපෘතියේ යම් යම් අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා.  

 



අදහස් (5)

වගාවෙන් මාටියා ගැසූ රොත්තකට දඩුවම්

ravin Tuesday, 08 July 2025 01:43 PM

හා හා දැනුයිනේ තේරෙන්නේ බළලා මල්ලෙන් එළියට ඔළුව දාලා කෑගැහුවේ මොකද කියලා. පහුගිය දවසක අමරයා පළිගන්න වැය කළේ කීවේ ඔත්තුව කණවැකිලා වෙන්න ඇති.

:       0       4

de silva Tuesday, 08 July 2025 01:52 PM

ඇත්ත ඔය වගේ සොරකම්, එදත් සිදුවුණා වර්තමානෙත් වෙනවා. නමුත් දැනට තිබෙන තත්වය මත ඔය හොරු හොයාගෙන ඔවුන්ට නඩු දමලා නඩු අහලා තීන්දුවක් දෙනකොට තව අවුරුදු 20ක් විතර යාවි. අවන්කවම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔය හොරු අල්ලන්න. බොරුවට කියව කියවා ඉන්නේ නැතිව අධිකරණ අමාත්‍යංශයට මුදල් වෙන් කරන්න විනිසුරුවරු 300ක් පමණ අලුතෙන් බඳවාගන්න... නීතිපති දෙපාර්තමේන්තුවට මුදල් වෙන්කරන්න අවශ්‍ය නිලධාරීන් බඳවා ගන්න...

:       0       5

R.T.sarath Tuesday, 08 July 2025 01:59 PM

ඔය කියන හොරකම් කරන්න රජයේ නිලධාරිනුත් හවුල්, ප්‍රශ්නෙකට තිබෙන්නේ හොර නිලධාරින් මාලිමාවට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජනය කරනවා, මිනිස්සුන්ට මේක තේරෙනවා... රජයේ කාර්යාල වලට ගියාම නිලධාරීන් කිසිම බියක් නොමැතිව පෙර පරිදිම අල්ලස් ගන්නවා. මාලිමාව ඡන්දෙට කලින් දීපු ලොකුම පොරොන්දුවක් අල්ලස් දුෂණය නවත්වන බව, නමුත් එය සිදු නොවුන නිසා පසුගිය පළාත්පාලන මැතිවරනේදී ඡන්ද අඩු වුනේ, අද ඡන්ද පදනම 30% පහළ තිබෙන නිසා මාලිමාව පලාත් සභා ඡන්ද තියාගන්න බැරිව ලතැවෙනවා.

:       3       6

Asela Tuesday, 08 July 2025 03:52 PM

ගැලරියට විතරයි සෙල්ලම් කළේ. වැඩියෙන්ම කතා කරන නමුත් අදක්ෂ ජේවීපී මී හරක්. මට මතකයි ග්‍රාමීය කාන්තාවන් සමඟ සෙල්ලම් කරලා ජීවන වියදම ගැන බොළඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ ජීවන වියදම ගැන මොනවාද කියන්නේ? සැපද?

:       3       10

Duminda Jayanath UdayakumaraWednesday, 09 July 2025 06:32 AM

මේ රටේ සල්ලි නාස්ති කළ විදිහට ජීවත් වෙලා ඉන්න එක ඇති... අඅමාරු නම් පැරදිච්ච කෙනෙක් දෙන්නෙක් ගෙනල්ලා දානයක් දෙන්න. මිනිස්සු කෙසේවෙතත් ඔවුන් බඩගින්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site