IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වේගය පාලනය කරන්න පොලිස් බාධක ඉල්ලා උද්ඝෝෂණයක්

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම අඩම්පන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් අද (06) දින විරෝධතාවක් අරඹා තිබේ.

 මංසන්ධියට වහාම පොලිස් මාර්ග බාධකයන් යොදන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.

අඩම්පන් මාර්ගයට කාපට් යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ තරුණයින් අධික වේගයකින් යතුරුපැදි ඇතුලු රථවාහන ධාවනයේ යෙදීම නිසා අනතුරු බහුලව සිදුවන බවට ඔවුහු පවසති.

මාර්ගයේ ස්ථාන කිහිපයකින් මාර්ග බාධක යොදා පොලීසියද රැඳී සිටින්නේනම් වාහනවල අධික වේගය පාලනය වන බැවින් වහාම මාර්ග බාධකයන් යොදන ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

 

 



අදහස් (2)

වේගය පාලනය කරන්න පොලිස් බාධක ඉල්ලා උද්ඝෝෂණයක්

Nimal Wednesday, 06 March 2024 01:16 PM

ඉස්සෙල්ලාම නැහැදිච්ච කොල්ලන්ව හදාගන්න. මාර්ග බාධක අවශ්‍ය නැහැ.

:       4       18

sam Wednesday, 06 March 2024 07:24 PM

අධික වේගයකින් යතුරුපැදි ඇතුලු රථවාහන ධාවනයේ යෙදීම නතර කිරීමට පළමුව මාර්ගයේ ගමන්කළහැකි වේගය (50 Km MAX) සඳහන් පුවරු මහාමාර්ගයේ දෙපස සවිකරිම සහ 50km වඩා වේගයෙන් වාහන පැදවීම සිදුවුවහොත් වැඩිවන සෑම 1 KM සඳහා රුපියල් 5000ක් දඩයක් සහ 2 points කපාහැරීමක් සිදුවන බවට සඳහන් පැහැදිලි පුවරුවක් එම මාර්ගයට ඇතුල්වීමේදී දැකගැනීමට සවිකර තිබිය යුතුවේ. භාෂා තුනෙන්ම සඳහන්විය යුතුවේ. එවිට ඕනෑම රියදුරකුට ඔවුන්ගේ වේගය ඔවුන්ටම තීරණය කිරීමට සිදුවේ. වේගයෙන් වාහන පැදවීම සිදුවුවහොත් ඉහත සඳහන් දඩ ගෙවීමට සිදුවේ. රජයට අදායමක්ද ලැබේ. මන්නාරම අඩම්පන් ප්‍රධාන මාර්ගයේ සඳහන් කළයුතු වේගය කුමක්ද යන්න අධ්‍යයනයක් කළයුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site