
(යොහාන් භාසුර)
රජයේ විගණන උප කාර්යාලයට අනුයුක්තව වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උප කාර්යාලයේ රාජකාරි කරන විගණන නිලධාරියකුගේ පෞද්ගලික නිවසට පැමිණ මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙහිදී 26 හැවිරිදි කාන්තාවක් සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
අදාල විගණන නිලධාරියාගේ වේයන්ගොඩ, මාබෝදල පිහිටි නිවසට පැමිණ පුද්ගලයන් පිරිසක් තර්ජනය කර ඇති බවට විගණකාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් යොමුකර තිබූ බවත් අදාල විගණන නිලධාරියාට දුරකථනයෙන් කළේ යැයි කියන තර්ජන ඔස්සේ පරික්‍ෂණ කර එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විගණන නිලධාරියාට මරණ තර්ජනය කළ කාන්තාවක් ඇතුළු 2ක් අල්ලයි