(අංජුල මහික වීරරත්න)
එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000 ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එපොයිටින් එන්නත වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයකි. පෙර පුරවන ලද එම ඖෂධ එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 4ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s Reliance Life Sciences (Pvt) Ltd. වෙත ඇමරිකා ඩොලර් 574,600ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වකුගඩු රෝගීන්ට හොඳ ආරංචියක්