IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විකාශන අධිකාරි නව පනත භාෂණයේ නිදහස අහිමි කරනවා

(යොහාන් භාසුර)

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන විකාශන අධිකාරි පනත මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ නිදහස අහිමි කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කරන අසාර්ථක උත්සහයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (31) පැවසීය.

අධිකාරි පනතේ දළ සැකැස්ම බැලූ බැල්මටම කිසියම් වූ විධිමත් කතාබහක් හෝ සාකච්ඡාවකින් තොරව ඉතා පටු සිතුවිලි රටාවක කොටුවී සැකසූ ලියවිල්ල් ලෙස හඳුනාගත හැකි බව කියන චරිත හේරත් මහතා එය පනතකට අදාළ පුළුල් දැක්මක් හෝ නිශ්චිත ඉදිරිපත් කිරීම්වලින් හෝ අර්ථදැක්වීම් වලින් තොර කිසියම් වූ විශ්‍රාමික මනසකින් සැකසූ ඉතා ප්‍රාථමික ලියවිල්ලක් ලෙස දැක්විය හැකි බව ද සඳහන් කළේය.

මෙම පනත සැකසීමේදී පවතින කර්මාන්තයක් ලෙස හඳුනා නොගෙන අලුතින්ම රට තුළ මාධ්‍ය ක්ෂේත්‍රය ස්ථාපිත කරන්නාක් මෙන් කටයුතු කර ඇති බවත් මෙය සෘජුවම භාෂණලේ නිදහස හකුන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවත් ඒ මහතා කීය.

මෙහි 3 වැනි වගන්තියේ විකාශන අධිකාරී කොමිසමේ සංයුතිය සහ එහි පත්කිරීමේ සැලැස්ම විග්‍රහ කරන බව කී මහාචාර්යවරයා එහි ඝණපූර්ණය ලෙස සභාපතිවරයා ඇතුළු තිදෙනෙක් ලෙස නම් කර අමාත්‍යංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිල බලයෙන් පත්වීමට නියමිත බව ද සඳහන් කළේය.

ඝණ පූරණය තිදෙනෙක් වීම නිසා සභාපතිවරයා සහ නිලධාරීන්ට එක්ව ඕනෑම තීන්දුවක් ගැනීමට හැකිවීම ඉතාම දුර්වල සහ නැවත නැවතත් සංවාදයට බඳුන් කළ යුතු තත්වයක් බව කී ඒ මහතා පැවසුවේ ඕනෑම නාලිකාවකට එරෙහිව ඉතා සීමිත සහිත පුද්ගල සංඛ්‍යාවක් එක්ව තීන්දු කිරීම ඉතාම නුසුදුසු කටයුත්තක් ලෙස දැක්විය හැකි බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (31) එසේ පැවසීය.

 



අදහස් (2)

විකාශන අධිකාරි නව පනත භාෂණයේ නිදහස අහිමි කරනවා

Sampath Wednesday, 31 May 2023 07:50 PM

දැන් ඕවා කියලා වැඩක් නෑ... ලැබුණු ස්වර්ණමය අවස්ථාව විහින් නා ගත්තේ ඇතුලේ හිටපු අය කටවහන් හිටිය නිසානේ දැන් නහයෙන් ඇඬුවට ඵලක් නැහැ...

:       0       0

Peduru Wednesday, 31 May 2023 10:36 PM

මොනවා උනත් මෙරටේ විද්‍යුත් මාධ්‍යය පාලනය කල යුතුමය. උන් කරන්නේ උන්ට ඕනෑ දේ පමණයි. උන්ට ඕනෑ එකා බලයට ගේන්න කඩේ යයි. ලමයින්ට කිසිම වැඩදායක දෙයක් නැත. කසි කබල් ඒවගේම තරුණයන් නොමග යවන ටෙලි නාට්‍ය පෙන්වයි. රටේ ප්‍රවුර්ති කියන්නේ වියාකරණ නැතුවය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 894 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site