IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාකරේ කොළ පිපිඤ්ඤා ඩොලර් හොයයි

(අංජුල මහික වීරරත්න)

මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව රටට  ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ  ක්‍රියාත්මක වන අපනයනය ඉලක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ  නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වගාව ආරම්භ කර තිබේ.

මඩකලපුව වාකරේ  ගොවීන් 500ක් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වාකරේ කොළ පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වාකරේ පිහිටි කොළ පිපිඤ්ඤා සැකසුම් මධ්‍යස්ථානය හා වගා සිදු කරන ආකාරය පිළිබඳව සොයා බැලීය.

වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් වශයෙන් සකස් කර විදේශ වෙළෙඳපොලට ඉදිරිපත් කරනු ලබයි. මේ වනවිට ජපානය ඇතුළු රටවල් කිහිපයක මැක්ඩොනල්ඩ් සමාගමේ ආහාර නිෂ්පාදනයන් සඳහා යොදා ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කොළ පිපිඤ්ඤා වීම විශේෂත්වයකි.

පසුගිය වසර තුන ඇතුළත කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය  මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33ක් බව අමාත්‍යාංශය පවසයි.



අදහස් (4)

වාකරේ කොළ පිපිඤ්ඤා ඩොලර් හොයයි

sena Tuesday, 08 November 2022 11:09 AM

මේ ඇමති තුමා මෙතනට ගිහින් ලකුණු දාගන්න හදන්නේ මොන සහයෝගයක් මේ ව්‍යාපෘතියට දීලද?

:       1       15

ravin Tuesday, 08 November 2022 11:24 AM

ඔය අපනයන බොගය (ගර්කින්) 1990 දශකයෙ පටන් අපනයන භෝගයක් ලෙස පොලොන්නරුව හා මඩකලපු දිස්තිරික්ක ආශ්‍රිතව වගා කරන්නෙ. අනික් බොගයනම් ලපටි බඩඉරිගු ( බෙබිකොර්න්) ..

:       1       17

senaTuesday, 08 November 2022 12:37 PM

ඒක තමයි. මේ මනුස්සයාගේ කර්මාන්තයේ දියුණුවට කිසිම සහයෝගයක් නොදී දැන් ගිහින් මුන්දලා ලකුණු දාගන්න හදනවා.

:       1       17

Gamini Tuesday, 08 November 2022 02:33 PM

ඒ්ක අල්ලන් ඉන්න කැත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site