IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විකිරණ කාන්දුවක් නැහැ

ඇමෙරිකන් හමුදාව, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු විකරණ කාන්දුවීමක් මෙතෙක් වාර්තා වී නැතැයි ඒ ගැන විමසිල්ලෙන් පසුවන සෞදිය පවසා ඇත.

ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට සම්බන්ධ ගබඩා සංකීර්ණ ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, පරමාණු බෝම්බ තැනීමට ඉරානයට හැකියාව ඇති බව පවසමිනි.

විනාශ වුණු එම ගබඩා සංකීර්ණවලින් කිසිදු ආකාරයක විකිරණ කාන්දුවක් සිදු නොවන බව ඉරාන ජාතික න්‍යෂ්ටික හා විකිරණශීලී නියාමන අධිකාරිය ද පැහැදිලි කර ඇත.

 මේ අතර, ඇමෙරිකාව - ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය (IAEA)  හමුවක් කැඳවා ඇත.

ඒ අමෙරිකාව සිදුකළ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත දැනුම් දී ඇති බැවිනි.



අදහස් (2)

විකිරණ කාන්දුවක් නැහැ

ගුණරත්න Monday, 23 June 2025 10:19 AM

පහර දෙන්න කලින් උන් ඔක්කොම බඩු ඔය පර්යේෂණාගාර වලින් එළියට ඇද්දා. ඉතින් කුඩුපට්ටම් කරලා තියෙන්නේ හිස් ගොඩනැගිලි.

:       0       1

randil dunuwilleMonday, 23 June 2025 01:26 PM

ලංකාවේ ඇමරිකන් කාරයෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site