IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වික්ටෝරියා අධි රක්ෂිතයේ හෝටල් ඉදි කරලා

(ජේ. ඒ. එල්. ජයසිංහ)

වික්ටෝරියා ජලාශයට සෘජුවම සමිබන්ධ වී තිබෙන මහවැළි ගංග අශ්‍රිත ගංගා ඉවුරු විනාශ කරමින් පොල්ගොල්ල ජලාංශයේ සිට තැන්නකුඹුර හාරගම ගුරුදෙණිය සහ කුණ්ඩසාලේ දිගන ඔරුතොට තෙල්දෙණිය අවට වික්ටෝරියා අධි ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ඇතැයි වාර්තා වේ.

ජලාශ ඉවුරු හානිවන පරිදි පස් කපා දැවැන්ත සංචාරක නිකේතන හෝටල් සහ අවන්හල්  ඉදිකරන්නන් ඇතැම් දේශපාළකයන්ගේ තනතුරු භාවිතා කරමින් ඇමති අනුමැතිය ලබාදී ඇතැයි පවසමින් ජලාශ රක්ෂිතයන්ට හානි කරමින් විශාල අනවසර ඉදිකිරීමි සිදුකර ඇත.

මහවැලි සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සමිබන්ධයෙන් විමසු අවස්ථාවේදී එම උසස් නිලධාරියා පැවසුවේ වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟාව අවට රක්ෂිත පෙදෙස් වල අනවසර ඉදිකිරීම් කරන්නන් රැසකට එරෙහිව නීතීෙමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

දනටමත් වික්ටෝරියා ජලාශය සහ මහවැළි ගංඟා රක්ෂිත මායිම් වල විශාල දැන්වීමි පුවරු සවිකර රක්ෂිත පෙදෙස්වලට ඇතුල් නොවන ලෙසට ජනතාව වෙත දැනුම්දීම් කර ඇති බවද මහවැලි සංවර්ධන උසස් නිලධාරියා පැවසීය.

වික්ටෝරියා ජලාශය සමීපවම ජලාශ ඉවුරු කපා දැවැන්ත හෝටල් ඉදිකර ඇති ඇතැමි ව්‍යාපාරිකයන් ඇතැම් මහවැලි නිලධාරින් සමග සම්බන්ධතා පවත්වමින් කිසිදු බියකින් තොරව ජලාශ රක්ෂිතයේ අනවසර ඉදිකිරිම් සිදුකර තිබෙන බව මහනුවර පරිසර සුරැකීමේ සංවිධාන සහ හන්තාන සුරැකීමේ සංවිධානය පවසයි.

 



අදහස් (4)

වික්ටෝරියා අධි රක්ෂිතයේ හෝටල් ඉදි කරලා

දිමුත් Tuesday, 13 February 2024 09:07 AM

නීතිමය ක්‍රියා ගත්තානම් කෝ? ස්වභාව ධර්මයා නඩු අහන දවසට ඔය මොකුත් නැහැ!

:       0       0

Asanga Tuesday, 13 February 2024 11:06 AM

කෝ එතකොට පරිසර අධිකාරියේ නිලියන් .නින්ද ගිහිල්ලද

:       0       0

Rata Perata Tuesday, 13 February 2024 12:50 PM

මේවට අනුබල දෙන උන්ට රජකාලේ දඬුවම් දිය යුතුමයි

:       0       0

ravin Tuesday, 13 February 2024 12:55 PM

මෙරටේ යහ පැවැත්මට තිබෙන ලොකුම හේනේ තමා දේශපාලුවෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site