IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වකුගඩු රෝග අනතුරක් ගැන මැතිසබයේ හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන්ට ජලය  දුන් ජල පෙරණ යන්ත්‍ර නඩත්තු කළ නාවික හමුදා සෙබළුන් ඒවායෙන්  ඉවත් කරගෙන යෑම  හේතුවෙන්  එම යන්ත්‍ර අඩපණවී ගෙන යන හෙයින්  වහාම ඒ විනාශය  වැළැක්වීමට  මැදිහත්වී  කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)   පැවසීය.

එසේම එම යන්ත්‍රවල විදුලි බිල ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය නතර කිරීම හේතුවෙන්  ඒවාට විදුලිය සැපයීමද නතර කරගෙන යන බව  ඔහු සඳහන් කළේය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය.

උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 2014 ඉඳලා අඩුවේ ගෙන  ඇවිල්ල තියෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුව ප්‍රති ආසෘත  ජල පෙරණ යන්ත්‍ර මගින් ජලය ලබාදීම. ඒ යන්ත්‍ර නඩත්තුව කරන්නේ නාවික හමුදාව. උතුරු මැද පළාතේ මේ යන්ත්‍ර පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම යන්ත්‍රයකින්ම ඒවා නඩත්තු කරපු නාවික හමුදා සෙබළුන් ඉවත් කරගෙන යනවා. මම මේ ගැන ආරක්ෂක ආරක්ෂක ලේකම්තුමාගේ අවධානයට යොමු කළා. නමුත් එතුමා ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් දැක්වුයේ නැහැ.

ලක්ෂ දහයකට වැඩි පිරිසක් මෙම යන්ත්‍ර වලින් ජලය බොනවා.  මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම අඩාලවී ගෙන යන්නේ. එහෙම වුණොත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒ ගැන මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ ජලය වෙනුවෙන් විදුලි බිල ගෙව්වෙ සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන්  විදුලි බිල් ගෙවීම නවත්වලා තියෙනවා. යන්ත්‍ර වලට විදුලිය සැපයීම ඒ නිසා නවත්වා ගෙන යනවා. ඔබතුමා  මේ අසරණ ජනතාවට පානීය ජලය ලබාදෙන වැඩපිළිවෙළට ප්‍රමුඛත්වය ලබා දෙන්න.



අදහස් (3)

වකුගඩු රෝග අනතුරක් ගැන මැතිසබයේ හෙළිදරව්වක්

පියනන්ද Wednesday, 09 August 2023 02:05 PM

නාථ දෙවියන්ට කියමු. ඔහෙටයි, නලින්ද සිල්වාටයි පුරුදු වැඩේනේ...!

:       9       4

Lalla Wednesday, 09 August 2023 04:51 PM

සහනදායක මිලකට ජලය ලබාදී නඩත්තුව සහ පෙරණයේ නැවත සවිකිරීමට අවශ්‍ය මිලත් සොයාගත හැකි ක්‍රමවේදය සකසන්න ඕනෑ. නිකම්ම දීම උත්තරය නොවේ..

:       4       4

සල්ලි Thursday, 10 August 2023 07:50 AM

දේශපාලන වයිරස නිසා රටම විනාස වෙලා තියෙන්නේ උබලා රට කාලා අඩුම තරමේ ලංගම බස් එකක එක ගමනක් වත් ගියාද ඩොලර් ඉතුරු කරන්න ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site