IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


වකුගඩු ජාවාරමේ හතර දෙනෙක් 31 තෙක් රිමාන්ඩ්

(විමුක්ති එස්. රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට   ගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා සහ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන තැරැව්කරුවකු වන සුපුන් සංජීව හෙවත් සදුන් , වැල්ලම්පිටිය සහ කොලොන්නාව ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී සමන් පෙරේරා සහ රාජගිරිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු වන උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා යන සැකකරුවන් තුන් දෙනා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුපුන් සංජීව නැමැති සැකකරු කොළඹ මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශ වල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් වකුගඩු ලබාදීම සඳහා පොළඹවමින් මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් ප්‍රධාන තැරැව්කරුවකු බව සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ග්‍රාම නිලධාරීන් දෙදෙනාද ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කරමින් මෙම ජාවාරමට හවුල් වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

සැකකාර සමන් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියා අබුඩාබි පුරවැසියෙකු වෙනුවෙන් වකුගඩු සැත්කමක් සඳහා ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා විදේශිකයින්ට ශ්‍රී ලංකාව තුළ වකුගඩු සැත්කම් සිදු කිරීම තහනම් කර තිබියදී ඔහු එම නීති විරෝධී ක්‍රියාවේ නිරත වී ඇති බවත් පෙන්වා දෙන ලදී.

ඊට අමතරව උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියාද වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා යාපනය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන් කරමින්  ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඔහු පැවසුවේය.

මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් අධිකරණ වල ඇප තැන්පත් කිරීම සඳහා ඇප කරුවන් වෙනුවෙන් නිකුත් වන්නේ ද මේ වගේ ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික ද යන සැකය මතුවී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා  පෙන්වා දුන්නේය.

මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ද සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් වීම බරපතළ තත්ත්වයක් බවයි.

ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සියලු සැකකරුවන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙක් වන "සෆ්රන්" නැමැත්තෙකු මේ වන විට විදේශ ගතව සිටින බවත් ඔහු වෙනුවෙන් විදේශ ගමන් තහනමක් පනවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ පුද්ගලයා වෙනුවෙන් විදේශ ගමන් තහනමක් නිකුත් කිරීමට ද නියෝග කළාය.



අදහස් (1)

වකුගඩු ජාවාරමේ හතර දෙනෙක් 31 තෙක් රිමාන්ඩ්

බී අමරසිංහ Wednesday, 18 January 2023 05:59 AM

ඒකෙත් පොඩි පොඩි එවුන් විතරයි වගේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site