
(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් පාර මීගොඩ නඩුහේන හන්දිය ආසන්නයේ පවත්වාගෙන ගිය ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවි සලක අද (30) උදෑසන ඇති වූ ගින්නකින් එම වෙළද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන දැවී ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
වෙළදසල ගිනි ගන්නා අවස්ථාවේදී මීගොඩ පොලිසියේ නිළධාරීන් අසල්වාසීන් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස එක්ව වෙළද සැලෙහි තිබූ දැව භාණ්ඩ කොටසක් පිටතට ගෙන හයිලෙවල් මාර්ගය දෙපස ගොඩ ගැසීම නිසා එම භාණ්ඩ තොගය බේරා ගැනීමට හැකිව තිබේ.
එසේම එම මධ්‍යස්ථානයේ තිබූ තිනර් බැරල් ගණනාවක්ම වහාම ක්‍රියාත්මක වී පිටතට ගැනීමට පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කිරීම නිසාවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවද එම අසල්වාසීන් පැවසීය.
මීගොඩ පොලිසියේ දැනුම්දීම මත ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එහි පැමිණ ගින්න ව්‍යාප්ත වීම නවතා ලීමට කටයුතු කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලී බඩු සාප්පුව ගින්නට බිලි