IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොස් ඇන්ජලිස් ළැව් ගිනිවලින් මියගිය ගණන 24 දක්වා ඉහළ යද්දී සුපිරි ධනවතුන් ටින්සල් ටවුන්හි සුපිරි ධනවතුන් ඔවුන්ගේ මිලියන ගණනක් වටිනා නිවාස සහ සුපිරි දේපළ ආරක්ෂා කර ගැනීමට පැයට ඩොලර් 2000 ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 6 කට ආසන්න මුදලක්) පමණ ගෙවා පුද්ගලික ගිනි නිවන භටයන්ගේ සේවය ලබාගෙන ළැව් ගිනි සිය දේපළ වලට ව්‍යාප්තවීම අඩපණ කිරීම සඳහා රෝස පැහැති ද්‍රාවණයක් ඉසීම බොහෝ දෙනාගේ කෝපයට හේතුවී ඇත.

පැලිසේඩ්ස් ළැව් ගින්නෙන් අද (13) වනවිටද ගිනි නිවන භටයින්ට මැඩ පැවැත්වීමට හැකියාව ලැබී තිබුණේ සියයට 13ක් පමණි. ලොස් ඇන්ජලීස්හි හදිසි සෞඛ්‍ය තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත. ලොස් ඇන්ජලිස්හි ළැව් ගිනි ස්ථාන කීපයක පසුගිය 7 වැනිදා ආරම්භ විය.



අදහස් (5)

ලොස් ඇන්ජලිස් ළැව් ගින්නේ අලුත්ම තත්වය

Rohana Monday, 13 January 2025 10:02 PM

ඊශ්‍රායලයටත් යුක්රේනයටත් යුද ආධාර ලබාදී විශේෂයෙන් පලස්තීනුවන් 45000 කට මරුකැදවූ යුද විනාශ ඇති කරවීමට ආධාර අනුබල දීමේ වරදට ස්වභාවධර්මයාම ඒවාට දඩුවම් කල බව මෙයින් පැහැදිලිවේ.

:       3       5

Nihal Dharmatileke Monday, 13 January 2025 10:55 PM

"පලස්තීනයේ කී දෙනෙක් මියගියාද? ඒ යුදෙව්වන්ට අවි දුන්නේ කවුද? ඇමරිකාවට උනේ සොබාදහමේ දඬුවමක්."

:       3       6

Nihal Dharmatileke Tuesday, 14 January 2025 10:57 AM

ඇමරිකාව ඊශ්‍රායලයට පලස්තීන් දරුවන් සහ අනිකුත් මිනිසුන් මැරීමට අවි ආයුධ සැපයීම නවත්වන තුරු ලොස් ඇන්ජලිස් ගින්න නොනිවේවා. මෙය සොබාදහමේ තීරණයයි

:       3       5

Lalla Tuesday, 14 January 2025 11:08 AM

ලෝකෙට ලොක්ක වූවත් පරිසරය කාලගුණය පාලනය කිරීමට බෑ.අසරණයි.ස්වභාව ධර්මයට එරෙහිව යන්න බෑ.අපේ රටටත් මේක හොඳ පාඩමක්.පරිසරය විනාශ කරන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න කලින් දෙවරක් සිතන්න ඕන. මධ්‍යම අධිවේග මාර්ගය හදන්න ඕන. ඒත් බලන්න තරමක වැස්ස ගම්පහ නගරය සහ ආශ්‍රිත ප්‍රදේශ යටකරන විදිය. යම්කිසි වෙනසක් කර ඒක වලක්වන්න ඕන නේද?

:       1       5

Sam Tuesday, 14 January 2025 11:48 AM

හමාස්ලට ආයුධ දෙන්නෙත් උන්ම තමයි. ගාස වලට කෑම බීම අඩුවුනාට හමාස්ලට ආයුධ වලින් අඩුවක් නෑ. යුද්ධ නැත්නම් ආයුධ හදනවුන්ට බිස්නස් නෑ. හරිම සරලයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site