
ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම සඳහා තරගකරුවන් තෝරා ගැනීමේ අවසන් වටයේ තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 22 වැනිදා පැවැත්විණ. එහිදී වියානා කුරේ මෙනවිය( වයස 18 -29 අතර අවිවාහක ), ජයනි පෙරේරා මෙනවිය( වයස 30ට වැඩි අවිවාහක)
රෙබෙකා හැරින්ටන් මහත්මිය( 18-55 විවාහක) සහ තුෂාරි ජයකොඩි මහත්මිය( වයස 50 ට වැඩි විවාහක හෝ අවිවාහක) යන සිවුදෙනා ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම සඳහා කිරුළු හිමිකර ගත්හ.
මෙම උත්සවය සඳහා ආරාධිත අමුත්තියක ලෙස සහභාගී වූ මේ වසරේ ලෝක අවිවාහක රූ රැජිනවන ඉන්දියානු ජාතික ක්‍රිෂාන්ගි ගෞරි මහත්මිය ශ්‍රී ලාංකික රූ රැජිණියන් සිවු දෙනා සමඟ එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. මෙම තරගය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ සීමාසහිත විජය පුවත්පත් සමාගමයි.
ඡායාරූපය:
ළහිරු හර්ෂණ




COMMENTS
ලංකාවේ විදියට නම් හොඳම නිර්ලජ්ජිත කාන්තාව තේරීම කියලා වෙනස් වීම හොඳයි...
සුබ පැතුම්... මටනම් ඔක්කොමලාම ලස්සනයි...