
(අංජුල මහික වීරරත්න)
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
බලයේ කේන්ද්‍රය වන කැබිනට් මණ්ඩලයේ වගකීම් ඉටුකරන ප්‍රමාණය අනුව ආණ්ඩුවේ සමත් අසමත් බව තීරණය වනු ඇතැයි ද නව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා කීය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම සිදුකෙරිණි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වූ ජනතාවගේ නිදහසේ ආමන්ත්‍රණයයි. ඒ නිදහස් අවශ්‍යතාවය,ආමන්ත්‍රණය මේ ඡන්ද ප්‍රතිඵලයයි.එම පුරවැසියන්ට කප්පාදු කිරීමේ නිදහසක්, අඩ නිදහසක් දෙන්න අපට කිසිම අයිතියක් නැහැ.
ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම පූර්ණ නිදහස තහවුරු කළ යුතුව තිබෙනවා.නීතිය හා සාමය ස්ථාපිත කරන නිලධාරීන්ට ,වෘත්තීයවේදීන්ට, තම කාර්යය කිරීමට ඇති නිදහස, ආර්ථිකය සාධාරණ පංගුවකට උරුමකම් කීමේ නිදහස,තම ආගම භාෂාව සහ සංස්කෘතීන් අනුව පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට තිබෙන අයිතිය, අප යළි තහවුරු කළ යුතුයි.
පුනරුද යුගයක් කරා මේ ශ්‍රී ලංකාව ගෙනයා යුතුයි.මේ රටේ ජනතාවට මීට වඩා නිදහස් ලංකාවක් නිර්මාණය කළ යුතුයි.
ජයග්‍රහණය සඳහා පොදු ජනතාවගේ විශාල මදිහත්වීමක් තිබුණා.අපගේ දේශපාලනය සමඟ සම්බන්ධ නොවූ, අප මුණ නොගැසුණු කතා නොකළ විශාල පිරිසක් නම් ගම් තැන් නොදන්නා පිරිසක් අප වෙනුවෙන් වැඩ කළා.
බස් රියේ, කඩ පොලේ,දුම්රියේ හැම අවස්ථාවේදීම අපගේ ජය වෙනුවෙන් මැදිහත් වුණා.මේ ජයග්‍රහණය සඳහා අප දිගු කලක් පොර බෙදුවා. මෙතන සිටින බොහෝ අය තමන්ගේ ළමා සහ තරුණ කාලයේ සිට ඒ සිහිනය සඳහා පොර බැදුවා.ඒ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය ජීවිතය පවා කැප කර මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා පොර බැලුවා.
ඇරඹුමේ සිට දුෂ්කර අවස්ථා වලදී ඇතැම් අය අතරමගදී දාල කියා. හැබැයි ඔවුන් මේ ජයග්‍රහණය ලබාදීම සඳහා ඇරැඹුමේ දී මෙන්ම අතරමගදී ඊට මැදිහත් වී තිබෙනවා ග.
අපට වගකීම් දෙකක් තිබෙනවා.එකක් පොදු ජන අරමුණු සඳහා තිබෙන අපේක්ෂාවයි. දෙවැන්න නම් ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන වගකීමයි.බලය යනු ඉතා විශේෂ දෙයක්.බලය විසින් බලය උත්පාදනය කරනවා.බලය විසින් බලය ප්‍රසාරණය කරනවා.බලය විසින් යළි යළි බලය වර්ධනය කරනවා.
බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දූෂිත බව ඇතැමුන් කියනවා.ඇත්ත, බලය දූෂිතයි.අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. එය ඔප්පු කර තිබෙනවා.
අප රටේ අවස්ථා අපි කීපයකදීම මෙවැනි බලයන් නිර්මාණය වී තිබෙනවා.හැබැයි එහි අවසන් ප්‍රතිඵලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙන දුන්නේ නැහැ.ඒ බලයන් හැමවිටම ජනතාවට අහිතකර ලෙස උපයෝගී වුණා.අසීමිත බලය අප කොතැනකට තල්ලු කරාවිද යන සැකය සමාජයේ නිර්මාණය වෙන්න පුළුවන්.
මා කුඩා හෝ සැකයක් ඇති අයට මෙසේ කියන්න කැමතියි. අපට බලය තිබෙනවා. හැබැයි අපට මේ බලය විසින් සෙල්ලම් කරන්න බැහැ.අපට ලැබුණ මේ බලයේ කොටුවේ ප්‍රමාණය අප දන්නවා.බලයේ සීමා මායිම් අපට තිබෙනවා. එමෙන්ම මෙම බලයට අරමුණක් තිබෙනවා. දිගු කාලයක් ජනතාවට දෙන ලද යහපත් අරමුණු ඉටු කිරීමේ වගකීම බලයට තිබෙනවා. ප්‍රධාන ලෙස මේ බලය වගකීම් සහිතයි.
එක පැත්තෙන් පුරවැසියන්ට මෙන් ම අනෙක් පැත්තෙන් අපගේ ව්‍යාපාරයට වගකීම් අපට තිබෙනවා.අණ පනත් වලින් ,ව්‍යවස්ථාවෙන් භාවිතා වලින් කුමන ආකාර බලයක් අපිට දුන්නත් මේ බලය හැසිරවීමේදී අප වගවීමට ලක්විය යුතුයි.
COMMENTS
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු... නව රජයට සුබපැතුම්... නව යුග සහ දේශපාලන සංස්කෘතියකට දොරගුළු විවර වේවා..!
ඔබතුමත් ඔබගේ ව්‍යාපාරයත් අතිවිශාල ජනතාවක් විශ්වාස කරනවා. ඒ විශ්වාසය බින්දුවකින්වත් පළුදු නොකිරීමට වගබලාගන්න. ඔබලාට මේ රට ගොඩනැංවීමට සියලු ශක්තිය ලැබේවා...!
ඉතා සිත් ඇද ගන්නා සුළු වචන පෙළක්. ඊට නිසි අර්ථයක් ද ජනපති ප්‍රමුඛ රජය විසින් දෙනු ඇති ද අප අපේක්ෂා කරනවා. ඒ සමගම, භූ දේශපාලනය පිළිබඳ මහාචාර්ය එස්. එම්. මුනි කියා ඇති දේත් ගැන මේරටේ ජනතාව අවදියෙන් සිටිය යුතුයි. එනම්, එක්සත් ජනපද රජය මෙම අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට තානාපති කාර්යාල හරහා සැලකිය යුතු වැඩ කොටසක් කළ බවයි. ඉන් කියැවෙන්නේ ඔබගේ රජයට ඇමරිකානු රූකඩ තත්වයක් ද නැත්තේ නොමැති බවයි. කෙසේ වුවත්, ඔබගේ පක්ෂයට මතවාදීමයි... වශයෙන් විරුද්ධ අයකු වුවත්, මාගේ ද සුබ පැතුම් පිරිනැමීමට කැමැතියි.
කණ්ඩායමේ විනය සහ රටේ ජනතාවගේ අපේක්ෂාව වෙනුවෙන් තව තවත් වැඩ කිරීමට හැකිවේවා! සියලු ශක්තිය ධෛර්යය ආරක්ෂාව මෙන්ම තැනට සුදුසු තීරණ සහ ඒ අනුව සුදුසුම ක්‍රියා මාර්ග ගැනීමට හැකිවේවා! විටින් විට ජාතිය අමතා ජනතාව දැනුම් වත් කිරීමත් ඉතා වැදගත්.
මෙතෙක් හිටපු නායකයින්ගෙන් අපි අහපු විශිෂ්ඨතම කතාව. ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම ලොවට පෙන්වීමට සියලු ශක්තිය, දහිරිය නිරතුරුවම ලැබේවා...!
අන්න ඒකයි මාලිමාවේ විශේෂත්වය ජයවේවා...