පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විවිධ අංශවල සහයෝගීතාව සහ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පාකිස්තාන රජය මෙරට සිසුන් 15 දෙනකුට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.
පාකිස්තානයේ උසස් අධ්‍යාපන ආයතනවල පරිගණක හා මෘදුකාංග ඉංජිනේරු, යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරු, ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණ විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා සහ ජෛව රසායන විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර යටතේ අධ්‍යාපනය ලැබීම සඳහා ඇලමා ඉක්බාල් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එම ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.
ශිෂ්‍යත්ව ලැබූ සිසු සිසුවියන් පිරිස ඉකුත් දා කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අතර මෙරට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂාහිඞ් අහමඞ් හෂ්මාත් මහතා එහිදි ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.
055


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.