(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද අගෝස්තු මස ලාෆ් ගෑස් මිල ඉහළ නොදමන බවත් පසුගිය ජූලි මස මිලටම ගෑස් අළෙවි කරන බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (4) පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඩොලර් 82.50 කින් ඉහළ යෑම සහ ජූනි මාසයට සාපේක්‍ෂව ජූලි මාසයේ රුපියල අවප්‍රමාණය වී යන කරුණු පිළිබඳව සළකා කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 460 ක් හෝ 470 ක මිලකින් ඉහළ දැමිය යුතු බවත් ගෑස් මිල ඉහළ යනු ඇතැයි උපකල්පනය කර එම සමාගමේ කළමනාකාරිත්ව ගත් තීන්දුවක් අනුව එහි වාසිය ජනතාවට දීමට තීරණය කළ බවත් ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කට සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,476 කට තව දුරටත් අළෙවි කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාෆ් ගෑස් මිලත් වෙනස් නොවේ
primeshika Saturday, 05 August 2023 10:37 AM
ඇමැතිතුමා කිව්වා නේද.... ලාෆ් ගෑස්, ලිට්රෝ ගෑස් ගාණටම දෙන්න කියලා..!