IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොහාන් බිරිය හත තෙක් රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී දින 10 කට පසු අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ අනිද්දා  දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ, ගංගොඩවිල  ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.

සැකකාර රශි පබා රත්වත්තේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්ඩායම් දෙකක්ද යොදවා තිබිණි.

නීති විරෝධී මෝටර් රථයට අදාළව ඉකුත් 31 වෙනිදින කටුගස්තොට නිවසේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එදිනම නුගේගොඩ අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා 7 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන රශි පබා රත්වත්ත මහත්මියට අයත් මිරිහාන ඇඹුල් දිනය ශාලාව පාරේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථය ඉකුත් 26 වෙනි පොලිස් භාරයට ගැනීමත් සමග රත්වත්ත පවුලම අතුරුදන්ව විය.

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site