
සතියකට වැඩි කාලයක් තිස්සේ ළැව් ගිනිවලින් බැටකන ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ලොස් ඇන්ජලීස් නුවර අයත් කැලිෆෝනියා ජනපද බලධාරීව් හමුවෙමිනි.
ළැව් ගිනි තත්ත්වය සම්බන්ධයෙන් සහ උන්හිටිතැන් අහිමිවුණු ලොස් ඇන්ජලීස් වැසියන්ට සහන ලබා දීම සම්බන්ධයන් ද ඇමෙරිකන් ජනාධිපතිවරයා සොයා බැලීමක් ද කළේය.
ළැව් ගිනි ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය. ඒ, ලොස් ඇන්ජලීස් නගරයට බලපෑ වියළි කාලගුණය හේතුවෙනි. ළැව් ගිනි පාලනය කිරීමට අපහසු අයුරින් පැතිරෙන්න පටන්ගෙන ඇත්තේ රට අභ්‍යන්තරයේ සිට මුහුද දෙසට හමා එන සුළං ධාරා නිසාය.
මෙම වියළි සුළං ධාරා පැයට කිලෝ මීටර් 80 ක පමණ වේගයකින් හමා ආ බවත්, එය තව තවත් ළැව් ගිනි ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බවත් පැවැසිණි. ලොස් ඇන්ජලීස් යනු ජනගහනය අතින් ඇමෙරිකාවේ දෙවැනි විශාලතම නගරයයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලොස් ඇන්ජලීස් ගොඩ නගන්න බිලියන ගණනක් වැයවේවි
Ven.D.Revatha Thero Tuesday, 14 January 2025 09:37 AM
හිරොෂිමාවේ පාඩුව එයට වැඩි වෙන්න ඇති?
ravin Tuesday, 14 January 2025 09:48 AM
අනෙකුත් රටවල යුද්ධය සඳහා යොදවන මුදල් තම රට නැවත ගොඩනැගිමට යෙදෙව්වෙත් නරකද?
Rohana Tuesday, 14 January 2025 07:30 PM
අනුන්ට කරන අපරාධ තමන්ටම කැරකිලා එනවා..