
(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියාවේ මිත්‍රශීලීම රටවල් අතර 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.ශ්‍රී ලංකාව රටවල් 196 ක සංචාරකයන් සඳහා විද්‍යුත් මාර්ගයෙන් ගමන් අවසරය ලබාදීම හෝ පැමිණීමේදී වීසා ලබා දීම සිදු කරන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන්ට මිත්‍රශීලි රටක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.
මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට 0.96 ක ලකුණු සංඛ්‍යාවක් හිමිව ඇත.මෙම ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානය ලකුණු 1.67 හිමිකරගත් වියට්නාමයටත් දෙවැනි ස්ථානය ලකුණු 2.20 ක් ලබාගත් මැලේසියාවටත් පළමු ස්ථානය ලකුණු 2.52 ක් ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් හිමිව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා මුලාශ්‍ර හතරක් පදනම්වී ඇත.එම මූලාශ්‍ර හතර අතර යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවියේ පළවූ ලෝකයේ මිත්‍රශීලීම රටවල් 30 යන ලිපිය සහ ඉන්සයිඩර් මන්කි සඟරාවේ පළවූ ලෝකයේ වඩාත්ම සංක්‍රමණික හිතකාමී රටවල් 20 යන ලිපිය තිබෙන බවද යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව හොඳ මිතුරන් අතර අපි 15වැනි තැන
sam Wednesday, 14 February 2024 09:11 AM
හැබැයි දේශපාලුවෝ රාජ්‍ය ධනය හොරා කාලා සුරසැප විඳින රට සහ දේශපාලුවෝ රටේ කෑලි සහ මරමස්ඨාන විකුණන් කන ලෝකෙම නොමරා ඒකේ රට සොයා බැලුවොත් ලංකාවේ දේශපාලුවෝ නොම්මර එකටත් ඒක ඇති විශිෂ්ට නොම්මරයක් ලැබේවි