IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොව විශාලතම සර්පයා ඇමසන් වනයෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව විශාලතම සර්පයින් විශේෂය ඇමසන් වනාන්තරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.මෙලෙස ලොව විශාලතම සර්පයින් විශේෂය ලෙස හඳුනාගෙන ඇත්තේ යෝධ ඇනකොන්ඩා සර්පයින් විශේෂයකි.

එම ඇනකොන්ඩා සර්ප විශේෂය උතුරු කොල ඇනකොන්ඩා සර්පයින් ලෙස එම විද්‍යාඥයන් කණ්ඩායම නම් කර ඇත.මෙම වර්ගයට අයත් ඇනකොන්ඩා සර්පයින් සම්පූර්ණයෙන් වැඩුණු පසු දිගින් මීටර් 7.5 ක් වන බවත් බරින් කිලෝ ග්‍රෑම් 500 ක් පමණ වන බවත් එම විද්‍යාඥයන් කණ්ඩායම ප්‍රකාශ කළේය.මීට පෙර ඇනකොන්ඩා විශේෂ 4 ක් හඳුනාගෙන තිබූ අතර ඉන් විශාලතම ඇනකොන්ඩා සර්පයින් විශේෂය කොල ඇනකොන්ඩාවන විය.

මෙම නව සොයා ගැනීමත් සමඟ කොල ඇනකොන්ඩා විශේෂය කොටස් දෙකකට බෙදීමට සිදුව ඇති අතර ඒ අනුව දකුණු සහ උතුරු ලෙස කොල ඇනකොන්ඩා විශේෂය වර්ග කර ඇත.



අදහස් (6)

ලොව විශාලතම සර්පයා ඇමසන් වනයෙන්

Muthu Friday, 23 February 2024 03:45 PM

ලොව ලොකුම හොර නඩේ ඉන්නේ ලංකාවේ නේද? ඔය විදියට දියවන්නාවේ දිය යටින් ගිහින් වීඩියෝ කරලා ලෝකෙටම පෙන්නන්න. අපි නම් මහා හොරා ඉඳලාම දන්නවා...

:       14       62

Anura Kumara Gunathilake Friday, 23 February 2024 03:58 PM

එක් එක් පරිසරයන්ට ගැලපෙන ජීවින් ස්වභාව ධර්මයෙන් නිර්මාණය වූයේද? මේ කියන සත්වයා වෙනත් පරිසරයකින් හමු වූවා නම් නේද වැදගත්...! අපේ පරිසරයන් ට ගැලපෙන ඇන කොන්ඩාවන් ගැන කතිකාවතක් යනවා නේද? නැවත මතක් කිරීම - ආසන්නතම හා වැදගත්ම දේ ගැන අපි හැමෝම දොඩමු.

:       11       20

පිටරටවැසියා Friday, 23 February 2024 05:03 PM

මොන බොරුද? ඔයිට වැඩිය තඩි, විසඝෝර සර්පයි, දියවන්නාවේ ඉන්නේ...

:       12       53

දයාසේන Friday, 23 February 2024 07:53 PM

සහතික ඇත්ත බ්‍රෝ ලෝකයේ ලොකුම මිනීමරු ඇනකොන්ඩාවෝ දියවන්නාවේ මැද ඉන්නවා කියලා ලෝකයම දන්නවා. එහෙම තියෙද්දී ලෝකයේ ලොකුම ඇනකොන්ඩා ඇමේසන් වනයේ ඉන්නවා කිව්වාට පිළිගන්න අමාරුයි...

:       2       19

aruna Sunday, 03 March 2024 10:16 AM

ලෝකයේ 5 වැනි ඇණකොණ්ඩා විශේෂය ශ්‍රී ලංකාවේ දියවන්නාව අසබඩ පුංචි දූපත් කෑල්ලක වාසය කරනවා. අවුරුද්දක් වැනි සුළු කාලයකදී ප්‍රමාණයෙන් 25 ගුණයක් තරම් විශාල වේ.

:       0       0

ලංකා චන්ද්‍ර ඒකනායක Saturday, 09 March 2024 07:00 AM

මොකක්ද මේකේ විශේෂත්වය? ලෝකයේ විශාලතම සර්පයා ඇණකොන්ඩාය. ඔවුන් ඇමසන් වනාන්තරයේ ජීවත්වනවාය කියන එක අද ඊයෙ දන්න දෙයක්ද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site