IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන්

ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. 'ඔමික්‍රෝන්' පළමු මරණය පිළිබඳ පළමුවෙන් ලොවට දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය. ඒ, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි.

'කනගාටුවෙන් මා දැනුම් දෙන්න කැමැතියි, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කොවිඩ් 19 ඔමික්‍රෝන් ආසාදිතයකු මියගියා. ඔමික්‍රොන් විකෘතිය ළැව් ගින්නක් සේ මහා බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මා ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් තමන්ට නියමිත බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න'' යැයි එම මාධ්‍ය හමුවේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර 'ඔමික්‍රෝන්' විකෘතිය 'ඩෙල්ටා' විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වනවිට එය රටවල් 63 කට ව්‍යාප්ත වී අවසන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. 'ඔමික්‍රෝන්' විකෘතිය 'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට සමත් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව, වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත.

(රොයිටර්)



අදහස් (0)

ලොව පළමු ඔමික්‍රෝන් මරණය බ්‍රිතාන්‍යයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 294 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 150 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1799 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site