IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලොව ධනවත්ම පවුල තැන රැක ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් බිලියන 432 ක දළ වත්කමක හිමිකම් කියන වෝල්ටන් පවුල ලොව ධනවත්ම පවුල ලෙස සිය ස්ථානය නැවත වරක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී ඇත.

වෝල්ටන් පවුලේ දළ වත්කම හංගේරියාවේ සහ ග්‍රීසියේ දළ දේශීය නිෂ්පාදිතයේ එකතුවටත් වඩා වැඩි අතර එය ඉරානයේ දළ දේශීය නිෂ්පදිතයද පසු කරයි. වෝල්ටන් පවුල යනු වෝල්මාට් සුපිරි වෙළෙඳසැල් ජාලයේ හිමිකරුවන් වේ. සෑම් සහ බඩ් වෝල්ටන් සහෝදරයන් විසින් 1962 වසරේදී වෙළෙඳසැලක් ලෙස ආරම්භ කළ වෝල්මාට් මේ වනවිට සුපිරි වෙළෙඳසැල් ජාලයක් බවට පරිවර්තනය වෙමින් ගෝලීය දැවැන්තයෙක් බවට පත්ව ඇත.

ඇමෙරිකාවේ පමණක් වෝල්මාට් සුපිරි වෙළෙඳසැල් 4600 ක් තිබෙන අතර ලෝකය පුරා වොල්මට් සුපිරි වෙළෙඳසැල් 10,750 ක් තිබේ. සෑම් වෝල්ටන් 1992 වසරේදී අභාවප්‍රප්ත වූ අතර බඩ් වෝල්ටන් 1995 වසරේදී අභාවප්‍රාප්ත විය.

සෑම් සහ බඩ් මිය යාමෙන් පසුව වෝල්ටන් පවුලට වොල්මාට් සුපිරි වෙළඳසැල් ජාලයේ කළමනාකාරිත්වය හිමි වූවේය. මේ වනවිට ක්‍රීඩා සමාජවල පවා හිමිකාරීත්වය වෝල්ටන් පවුලට තිබෙන අතර සෑම් වෝල්ටන්ගේ දියණියක් වන නැන්සි වෝල්ටන් ලෝරි, ඩොලර් මිලියන 300 ක් වටිනා කාඕස් නම් සුපිරි යාත්‍රාවකටද හිමිකම් කියයි. එය ලොව කාන්තාවක් විසින් හිමිකාරීත්වය දරන විශාලතම යාත්‍රාවද වේ.

වෝල්ටන් පවුල 2022 වසරේදී ඩෙන්වර් බ්‍රොන්කොස් එන්.එෆ්.එල් කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 කට මිලදී ගෙන තිබූ අතර එය ඇමෙරිකානු ඉතිහාසයේ කණ්ඩායමක් මිලදී ගත් වැඩිම මිලද විය.

 



අදහස් (4)

ලොව ධනවත්ම පවුල තැන රැක ගනී

විකුම් විදුර Thursday, 05 June 2025 09:35 PM

ලංකාවේ කජු පිසාචයා දැක්කත් ඇති... ඕක හෙන ගැහුවා වගේ පොළවට සමතලා වෙයි..

:       2       5

maalaka Friday, 06 June 2025 05:35 AM

කාර්යක්ෂම නැණවත්, ධෛර්යමත් මිනිසුන්...

:       0       9

පිස්සු යකෙක් Friday, 06 June 2025 05:39 AM

ඇයි අපෙන් ඉන්නේ රාජපක්ෂ පවුල.. හරියට ගණන් හදලා බැලුවොත් වොල්ටන් පවුලත් බය වෙනවා. අවුරුදු 15ක වත් ඉතිහාසයක් නැතුව අද ඉන්න තත්ත්වය දැක්කාම..

:       2       10

රුවන් Friday, 06 June 2025 07:51 AM

සීයාගේ සුපර්මාකට් හින්දා ගොඩ ගිය මිනිස්සු

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site