IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කළ බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා තාක්ෂණය වැඩි වශයෙන් යොදාගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව අවධානය යොමු කළ බව කියන විදුලිබල මණ්ඩලය පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය විදුලිබල අමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ගැනීමේ හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරු සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

 



අදහස් (3)

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයි

ravin Sunday, 05 March 2023 10:53 AM

ප්‍රථමයෙන් ප්‍රතිව්‍යුහගත කලයුතු තැන ගැන පොදුජනයාට මනා අවබෝධයක් ඇත

:       0       0

jayathilake Sunday, 05 March 2023 07:42 PM

රට සහ රටේ කර්මාන්ත විනාශ කිරීමට දායක වූ ප්‍රධානම ආයතනය... 1000කට අධික පින්පඩි ඉංජිනේරුවන් නිසා...

:       0       0

K nissanka Monday, 06 March 2023 06:57 AM

මේක ඉත හොඳයි... පාඩු ලබන ආයතන ජනතාවට බරක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site