
(විමුක්ති එස් රුද්‍රිගු)
විදුලිබල අංශය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ මතය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පැවසුවේය.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් බලශක්ති හා විදුලිබල ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට හැකියාව පවතින බවත් පොදුවේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවත් ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දී ඇත.එසේම එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන වැඩසටහනේ කොටසක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් මුහුණ දී තිබෙන දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේරුම් ගෙන තිබුණත් නිපදවීමට යන මුදල ජනතාවගෙන් අය කර නොගතහොත් අවසානයේ විදුලි බල අංශය පාඩු ලබනු ඇති බවත් එවිට එය ජනතාවගේ ප්‍රශ්නයක් වනු ඇති බවත් ශ්‍රීනිවාසන් මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංවිම ගැන අයි.එම්.එෆ් මතය කියයි
Dinesh Saturday, 14 October 2023 05:25 AM
විය යුත්තේ සියලු බර ජනතාව මත පැටවීම නොවේ. රාජ්‍ය ව්‍යවසායයන් ලාබ ලබන තත්වයට ගෙන ඒමයි. ඒ තුළින් රාජ්‍ය ආදායම ඉහළ යන අතර ජනතාව මත පටවන අධික බදු බර අඩුවනු ඇත..
Rata Perata Saturday, 14 October 2023 01:24 PM
දැන් අපේ රටට විධායකය සහ පාර්ලිමේන්තුව ඕනෙද කියලා ප්‍රශ්න කරන්න වෙනවා. මොනවද IMF එක කියන විදිහට වැඩටික කරගෙන යන්න මේ අය ඕනෙ නැහැනේ. උපාධිධාරීන් කීප දෙනෙක් හිටියාම ඇති. එහෙම නැතිනම් ඒකට අති උතුම් සුපිරි විධායකය කියලා IMF එක උඩින්ම තියමු...