(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
දෙදෙනා අතුරුදහන්වී ඇත්තේ 2011 වර්ෂයේදී බවද අමාත්‍යවරයා කීවේය.
මෙම නඩුව 2014 වර්ෂයේදී අවසන් වරට කැඳ වූ අවස්ථාවේදී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කළ බවත් මේ පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නැති හෙයින් වැඩබලන පොලිස්පති අලුතින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇති බවත් විජේපාල මහතා කීය.
එහි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය එම විමර්ශන ආරම්භ කරන බවද ඔහු කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලලිත් කුගන් පරීක්ෂණයළි අරඹයි