
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
දෙදෙනා අතුරුදහන්වී ඇත්තේ 2011 වර්ෂයේදී බවද අමාත්‍යවරයා කීවේය.
මෙම නඩුව 2014 වර්ෂයේදී අවසන් වරට කැඳ වූ අවස්ථාවේදී නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කළ බවත් මේ පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නැති හෙයින් වැඩබලන පොලිස්පති අලුතින් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබා දී ඇති බවත් විජේපාල මහතා කීය.
එහි මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය එම විමර්ශන ආරම්භ කරන බවද ඔහු කීවේය.
2025 නොවැම්බර් මස 04
484
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලලිත් කුගන් පරීක්ෂණයළි අරඹයි
Asela Tuesday, 08 July 2025 07:41 PM
නාට්‍යයෙන් නාට්‍යය නැවතත්. ජීවත්වන ජනතාවට නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමට කිසිදු උත්සාහයක් නොමැත. ජීවන වියදම අඩු කිරීමට කිසිදු උත්සාහයක් නොමැත, වෙනසක් අපේක්ෂා කළ වහලුන් රටින් පිටව ගොස් යුරෝපා සංගමයේ සුළු රැකියා පවා සොයා ගැනීමට උත්සාහ කරති. බදු ගෙවීමෙන් පසු බද්ද නැවතත් හඳුන්වා දෙනු ලැබේ. මේ සියල්ලෙන් පසු, මේ පිස්සු බල්ලා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අතීතය හාරමින් සිටී. මේ අමන වැඩකට නැති මෝඩයන්ට වහලුන් පවා නැවත නැවතත් රවටා ගත නොහැක.