(මනෝප්‍රිය ගුණසේකර)
පළමු වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ පියාගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා සහ සුළු සේවකයා විත්ති වාචක නෙකැඳවාම සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (30) නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔවුන් නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විදුහල්පතිවරයා සහ සු`ථ සේවකයා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආරියදාස ගමගේ සහ විදුහලේ කාර්යාල කාර්්‍ය සහයකවරයා වශයෙන් කටයුතු කළ සමන් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ය.
2015 ජනවාරී මස 28 වැනිදාත් පෙබරවාරී මස 05 වැනිදාත් අතර කාලය තුළ ගල්කිස්සේදී ලලිත් ඇතුලත්මුදලි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් එහි පළමු වසර පන්තියට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ පියා වන මංජු අසංක නමැත්තාගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා රුපියල් 35,000/- කලබාගත් බවට විත්තිකාර විදුහල්පතිවරයාටද ඊට ආධාර අනුබල දුන් බවට විදුහලේ කාර්යාල කාර්්‍ය සහයකවරයා වශයෙන් කටයුතු කළ 02 වැනි විත්තිකරුට එරෙහිවද අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.
දරුවා පාසලට ඇතුලත් කරගැනීම සඳහා විත්තිකරු රුපියල් 50000/-ක් ඉල්ලු බවත් අදාළ අල්ලස් මුදල රුපියල් 1000/- කොළ වලින් විදුහල්පති කාමරය තුලදී විත්තිකරුට දුන් බවත් ඒ අවස්ථාවේදී නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙනත් දරුවන්ගේ දෙමාපියන් ඇතු`ථ පිරිසක් එහි සිටි බවත් පැමිණිලිකරු සාක්කි දෙමින් පැවසීය”
මෙම වැටලීමේදී උපායය දුතයා වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශත කුරුප්පු මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රුපියල 2000/- කොළ සහ 1000/- කොළ වලින් අල්ලස් මුදල දුන් බව පිළිගත්තේය.
පාසලේ සංවර්ධන කටයුතු සඳහා බව කියමින් පැමිණීලිකරු බලහත්කාරයෙන් මෙම මුදල විත්තිකරුගේ කාර්යාලයේ තබා යෑමට සුදානම් වෙද්දී ‘හවසට ඇවිත් පාසැල් සංවර්ධන කමිටුවේ භාන්ඩාගරිකගෙන් රිසිට් එකක් ගන්න’ යනුවෙන් පැවසු බව පැමිණීල්ලේ සාක්කි මඟින් හෙළි වී ඇති බව පෙන්වා දුන් නීතීඥ දර්ශන කුරුප්පු මහතා පැමිණීල්ලේ සාක්කිකරුවන්ගේ සාක්කි එකිනෙකට පරස්පර බවද පෙන්වා දුන්නේය.
මේ තත්වය යටතේ විත්තිකරුවන්ටට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති නිසා විත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා ඉල්ලා සිටියේය.
විත්තියේ ඉල්ලීම පිළිගනිමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බවට තීරණය කළ විනිසුරුවරයා සියලු චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥවරුන් වන සහන් වීරසිංහ, බුද්ධික තිලකරත්න, දිනෙරු බණ්ඩාර, චින්තක උඩදෙණීය සමඟ නීතීඥ දර්ශන කුරුප්පු යන මහත්වරු පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලලිත් ඇතුලත්මුදලි හිටපු විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස්කොට නිදහස්
විජේ Friday, 31 March 2023 12:03 AM
රවී කරුනානායක වගේ...
රාජදොරේ Friday, 31 March 2023 07:39 AM
ඉතින් මොකේදැයි දන් වළඳන්නේ... තිබුණු පාත්‍රයේ කොස්ඇට බැද්දේ කියලා පැරණි කියමනක් තිබුණා. පස්සේ කාලයේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කිව්වාලු... කොහොමත් ලොකු ඉස්කෝලවලට විදුහල්පති පත්කිරීම ප්‍රදේශයේ දේශපාලුවන් විසින් කරන්නේ ඔවුන්ට ගාණක් ගන්න පුළුවන් ආකාරයට තමයි... එහෙම නැත්නම් පෙන්දන්ගේ ළමයින් පාසලට දමා දේශපාලුවන් ගානක් ගන්න පහසුව සඳහා තමයි...