IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොරි-ලොරි ගැටී දෙකක් මරු දකිති

(ආරියදාස කොඩිතුවක්කු සහ තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී)

හම්බන්තොට තිස්සමහාරාම පාරේ වීරවිල තිස්සමහාරාමය දක්වා දාවනය වූ කුඩා ලොරි රථයක් අද 30 වන දින උදේ 5.00 පමණ තිස්සපුර ප්‍රෙද්ශයේදී නතරකර තිබූ ලොරි රථයක ගැටීමෙන් කුඩා ලොරි රථයේ ගමන්ගත් රියදුරා හා කාන්තාවක එම ස්ථානයේම මියගොස් බරපතළ තුවාල ලැබූ තවත් අයෙකු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 

මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන්ගත් තිස්සමහාරාමයේ සේනපුර පදිංචිව සිටි ඩබ්ලිව්. එස්. රංජනී (58) හා තිස්සමහාරාමයේ ගගසිරිපුර පදිංචිව සිටි කේ.එම්. අසේල ලක්මාල් (33) යන දෙදෙනාය. බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ගගසිරිපුර පදිංචි රංජිත් උදයකුමාර යන තුවාලකරුය.

මළ සිරුර දෙබරවැව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණ  අද 30 වන දින පැවැත්වීමට නියමිතය.

අනතුරට සම්බන්ධ ලොරි රථය හා රිදුරාත් කුඩා ලොරි රථයත් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස පරීක්ෂණ ඒ.ඩී. කාරියවසම් මහතා හා රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ පුෂ්පකුමාර මහතා ඇතුලු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති. 

 



අදහස් (0)

ලොරි-ලොරි ගැටී දෙකක් මරු දකිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site