IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට

(ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි කිලිනොච්චි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවව , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි සැරයන්වරයෙකු වන අතර ඔහු මුරුකන්ඩියේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇත. 

සෙබලුන් පිරිසක් රැගෙන මාන්කුලම් සිට කිලිනොච්චි බලා ධාවනය වෙමින් තිබියදී කැබ් රථයට පිටුපසින් ධාවනය වූ ලොරි රථය එකවරම කැබ් රථය ගැටීමෙන් කැබිනට් රථයේ පිටුපස ගමන් ගත් සැරයන්වරයා මාර්ගයෙන් ඉවතට විසි වී විරුද්ධ දෙසින් පැමිණිලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා කිලිනොච්චි රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

මෙම අනතුරින් තවත් සෙබළුන් නව දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

කිලිනොච්චි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප: ප්‍රදීප් කුමාර)



අදහස් (0)

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site