
(ගයාන් සූරියආරච්චි, අංජුල මහිකවීරරත්න සහ හිරාන් ප්‍රියන්කර)
අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 6 දෙනා අද (29) නිරුපද්‍රිතව බේරාගෙන සීෂල්ස් රාජ්‍යෙය් වික්ටෝරියා නගරයට රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා පැවැසීය.
සීෂල්ස් රාජ්‍යෙය් විශේෂිත ගුවන් යානා දෙකක් සහ ටොපෑස් නැමැති නෞකාව ආධාරයෙන් ඊයේ (28) සහ අද (29) දිනවල සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් අනතුරුව සීෂල්ස් රාජ්‍යෙය් අනන්‍ය ආර්ථික කලාපයේ තිබී සැක කටයුතු යාත්‍රාවක් පිළිබදව නිරීක්ෂණය වී තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව දිගින් දිගටම සිදුකළ නිරීක්ෂණවලදී එම යාත්‍රාෙව් අවිගත් පුද්ගලයන් සිටින බවට තහවුරුවීමෙන් අනතුරුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනා නිරැපද්‍රිතව බේරාගත් බවත් සෝමාලියානු නෞකාවේ සිටි මුහුදු කොල්ලකරුවන් 3 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බවත් වික්‍රමසූරිය මහතා කීය.
සීෂල්ස් රාජ්‍යයට ඊසාන දෙසින් නාවික සැතපුම් 230 ක් දුරින් එම මෙහෙයුම සිදුකර සෝමාලියානු කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බවත් මෙරට ධීවරයන් නිරැපද්‍රිතව සීෂල්ස් රාජ්‍යයට රැගෙන ආ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.
සෝමාලියානු කොල්ලකරුවන් විසින් ‘ලොරෙන්සෝ පුතා 4‘ යාත්‍රාව අත්අඩංගුවට ගෙන සෝමාලියාව දෙසට රැගෙන ගොස් තිබූ අතර පසුව ඔවුන් එම යාත්‍රාව සීෂල්ස් රාජ්‍ය්යේ උතුරු දෙසට රැගෙන ගොස් තිබූ බවත් පසුව සීෂල්ස් රාජ්‍ය යේ වෙරළාරක්ෂක බළකාය සමග එක්ව පැහැර ගත් ධීවරයන් බේරාගැනීම සදහා නාවික හමුදාව නිරතුරුවම මෙහෙයුම්වල නිරතවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා පැවැසීය.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලාංකික ධීවරයන් පැහැරගත් මොහොතේ සිටම ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක වී බහරේන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 39 ක් සමාජිකත්වය දරන ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ සහාය ඇතිව ධීවරයන් බේරාගැනීමට මෙහෙයුම් දියත් කරන්න විය.
වත්තල දික්ඕවිට වෙරෙළ ප්‍රෙද්ශයෙන් ධීවර කටයුතු සදහා පිටත්වී තිබූ ‘ලොරෙන්සෝ පුතා 4‘ ධීවර යාත්‍රාව සමග එහි සිටි ධීවරයන් 6 දෙනෙකු සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ඉකුත් (27) දා අරාබි මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
(ඡායාරූප: හිරාන් ප්‍රියන්කර)
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති