(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරකම් නඩු 11 සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාදකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු පොල් කඩන මුවාවෙන් හොරණ සැරිසරා නිවාස 11 දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටී පුද්ගලයෙකි.
සැකකරුට එරෙහිව තිබූ එම නඩු 11 ට ඉදිරිපත් නොවී අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අඟුරුවාතොට වැලිකැටල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක තැනැත්තෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලියාපදිංචි අපරාධකරුවෙක් මාට්ටු
කීර්ති වර්නකුලසූරිය Tuesday, 16 May 2023 08:42 AM
වර්තමනයෙ, මොනව කරත් ලියාපදිංචි වෙන එක හොදා!