(සුජිත් හේවාජුලිගේ )
විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා ප්‍රකාශ කරන්නේ විදුලිය බල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන විදුලිය බිල සියයට විස්සකින් අඩුකර එම සහනය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.
ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.
විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී ඉහළ යෑම මණ්ඩලයේ මූල්‍ය කාර්ය සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයිද කමිටුව පෙන්වා දෙයි.
විදුලිය මණ්ඩලය පසුගිය වර්ෂයේ දී ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත් 2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ රුපියල් කෝටි 5100 ක මුදලද ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්
අපකීර්ති වර්ණකුලසූරිය Monday, 06 May 2024 10:49 AM
මේ ඡන්දෙ කාලේ ඔච්චර අඩු කරන්න එපා. ඡන්දෙන් පස්සේ කොහොමත් ඕක වැඩිවෙනවා. ඊට පස්සේ ඡන්දේ පැරදුණාම කියන්න පුළුවන්නේ අපි තමයි හොඳටම කරලා අඩුවටම දුන්නේ කියලා...
ජයනාත් Monday, 06 May 2024 02:30 PM
ඕක තමයි කලිනුත් කිවුවේ විදුලි බල කළුකඩ මුදලාලි ...කළු කඩයක් කරනව කියලා . දැන් බය වෙලා ඡන්දෙ ඉල්ලන්න යනවා... මෙ සැරේ මුදලාලි ගෙදර තමා...තාත්තා ට සප්පායම් කරගෙන ඉන්නවා .