IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලයිට් කපන්න ගිහින් ගුටිත් කාලා

(සුමිත් පොතුපිටිය)

විදුලි බිල නොගෙව්වැයි සැපයුම විසන්දි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

පහරදීම සිදුකළ වාද්දුව, හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ප්‍රදේශය හැරගොස් සිටින බවද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ නිවසක මාස කිහිපයක විදුලි බිල නොගෙවීම සම්බන්දයෙන් රතු නිවේදනයක්ද නිකුත් කර එයද නොසලකා හැරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සදහා  විදුලි පෞද්ගලික සමාගමේ සේවකයන් තිදෙනකු නිවසට ගොස් ඇති අතර, සැකකරු ඒ මොහොතේ නිවසේ සිට නැතැයිද පොලිසිය කීය.

විදුලි සැපයුම විසන්ධි කරන අතරතුර සැකකරු නිවසට පැමිණ ඇති බවත් එහිදී උරණවූ සැකකරු විදුලි සේවකයන් තිදෙනාට පහරදී නැවත විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබාගෙන ඔවුන්ව පිටත්කර හැර ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය කීය.

පහරකෑ විදුලි සේවකයන් තිදෙනා පොලිසියට පැමිණ පැමිණිලිකර පොලිසිය සමග ගොස් විදුලිය විසන්ධි කර ඇති බව පොලිසිය කීය.

පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරන නමුත් , සැකකරු ප්‍රදේශයෙන් පලගොස් ඇති බවත් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.



අදහස් (1)

ලයිට් කපන්න ගිහින් ගුටිත් කාලා

Rohan Tuesday, 01 August 2023 07:05 AM

ඔක්කොගේම පාර්ට් පොඩි මිනිස්සුන්ට... අපි අපි මරාගන්නවා. රට කාපු මහ උන් සැපට ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site