(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ සිට ජනතාවට සහන ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරින් පියවර රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.
තමා ජනාධිපති ධූරයට පත්වූ දා සිට දේශපාලනයේ නිරත නොවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා තමා කැප වුයේ ජීවන බරින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබාදෙමින් රටේ වැටුණ ආර්ථිකය යළි නඟා සිටුවීමට බව ද සඳහන් කළේය.
ආර්ථිකය යළි ගොඩනැංවීමට මෙන්ම ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කර ගැනීමට දේශපාලනයෙන් තොරව එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය නගර ශාලාවේ පැවති ආහාර සුරක්ෂිතතා දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලබන වසරේ සිට සහන දෙනවා
Buddika Thursday, 22 December 2022 07:32 PM
අම්මපා කොච්චර හොඳයිද? දැනටත් මේ දීලා තියෙන සහන ටික හොඳටම ඇති. ඒවා දරාගන්නත් බැරි තරම්... ඒ වෙනුවෙන් කළගුණ සලකන්න ලංකාවේ ඇති බහුතර ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ඡන්දය එනකන්...
JagathS Thursday, 22 December 2022 09:21 PM
පෞද්ගලික අංශයේ රැකියාකරන අපිට බදු ගහලා, පින්බත් ගිලින කාලකන්නින්ට සහන දීපල්ලා... එතකොට රට දියුණුවෙයි..
Kumara Friday, 23 December 2022 03:51 AM
උඹ මහලොකු වැඩ්ඩෙක් නම් ලෝකෙට තියන ණය ටික බේරපන්
Rasika Friday, 23 December 2022 08:13 AM
සහන එපා. රට ගොඩනගන්න. මිනිස්සු අල්පේච්ඡ ජීවිතයකට හුරු විය යුතුයි
Senarath Friday, 23 December 2022 09:14 AM
ඒකද විදුලිය ඇමති දැන්මම 70% කින් විදුලි බිල වැඩි කරනවා කියලා කියන්නේ ?තමුන්ලා රට හරියට පාලනය කළා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ .2015 සිට 2019 වෙනකම් ඩොලර් බිලියන 12 ක ණය අරගෙන .වරාය විකුණලා .තව බිලියනයක් අරගෙනත් එක විදුලි බලාගාරයක් හැදුවද ?ඒ මදිවට කොන්ත්‍රාත් කරුවන්ට තව ඩොලර් බිලියනයකට වැඩි මුදලක් නොගෙවා හිටියා .රජයේ සේවකයාට රුපියල් 10,000 ක පඩි වැඩිවීමත් රටට මේ දේ වෙන්න ලොකු හේතුවක් .රජයට මාසිකව රුපියල් බිලියන 14 ක් ඒ වෙනුවෙන් අවශ්‍ය උනා .බලයට එන්න දීපු මෝඩ පොරොන්දු
ඔන්න අපේ පෙරහැර එනවා Friday, 23 December 2022 02:03 PM
පෙරහැර එන්න ඉස්සෙල්ලා කස කාරයෝ එනවා ඉතින් 2024 එන පරහැරේ කස කාරයෝ පෙරහුරුව සදහා වත් එන්න ඕන තමයි නැත්නම් ඉතින් පෙරහැරේ ලස්සන නැතුව යයිනේ
sharm warn Friday, 23 December 2022 02:45 PM
ලබන වසරේ සහන දෙන්නේ අපෙන්ම බදුගහලනේ... අනේ යන්න.. හොර පාරෙන් රජවෙලා දැන් මිනිස්සුන්ට කොකා පෙන්නන්න හදනවා. මිනිස්සුන්ට සහනාධාර ඕනෑ නෑ... ආර්ථ්කය හරියට පවත්වාගෙන ආවා නම්... අවුරුදු 45ක් තිස්සේම කළේ රට කන හැටි ඉගෙන ගන්න එකනේ. ඉතින් දන්න දෙයක් තියෙනවද? මෙලෝ රටක කරන්න බැරි දාර්ශනික කතා කියන්න විතරයි දන්නේ. ජීවිතේ ප්‍රායෝගික කමක් ඇත්තේම නෑ.