IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලබන වසරේ අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්විද්‍යාල ජාත්‍යන්තරීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති විදේශයන්හි සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගැන්වීමට හා පර්යේෂණ කිරීමට ආරාධනා කර තිබෙන බව පැවසීය.

 



අදහස් (2)

ලබන වසරේ අධ්‍යාපනයට බිලියන 465ක් වෙන් කරයි

චන්දන Friday, 03 November 2023 07:28 PM

දැනට යන විදියට අධ්‍යාපනයට එච්චර සල්ලි ඕනෑ වෙන එකක් නැහැ. විශාල පිරිසක් රාජ්‍ය පාසල් පද්ධතිය හැරයනවා. ගුරු සිසුන් දෙපිරිසම... පාසල් පරිපාලන කඩා වැටිලා. අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ට සජීවී පාසල් ගැන කිසිඳු ප්‍රායෝගික බවක් නැහැ. තීන්දු, තීරණ ගන්නේ පාසල් පද්ධතියට බැහැරව ඉන්න සුලු පිරිසක්...!

:       1       5

රංබොඩ Friday, 03 November 2023 07:45 PM

මොනවා ඉගැන්නුවක් රටට වැඩක් වෙන්න නම් ආකල්ප හදන්නම ඕනෑ.. නැත්නම් සල්ලි මත්තේම නැහෙන රටක්, ජාතියක්, ධර්මයක් නොහඳුනන උපාධි ධාරීන් රෑනක් බිහිවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site