
(ඩයනා උදයංගනී)
ලබන වසර වෙනුවෙන් වෙනස්කම් හා නව බලාපොරොත්තු සහිත අයවැයක් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
2023 වසර සඳහා වූ වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (22) හිමිවූ බව කී ඇමතිවරයා දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 9ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා වැඩිකරගැනීම, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් දක්වා අඩුකරගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ සියයට 4 සිට ඍණ සියයට 1ක් දක්වා අඩුකරගැනීම, සහ අයවැය පරතරය සියයට ඍණ 9.9 සිට ඍණ 6.8ක් දක්වා අඩුකරගැනීම යන ඉලක්ක මෙවර අයවැයෙන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ දැනට පාඩු ලබන ආයතන ප්‍රතිසැකසුම්කරණය කිරීම කළ යුතු බව කී ඇමතිවරයා ගිය වසරේ රජයේ බදු ආදායම වූ රුපියල් බිලියන 1,298 න් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා පමණක් බිලියන 1,115ක් ගෙවීමට සිදුවූ බව ද ඇමතිවරයා පැවසීය.
ණය පොලී ලෙස ද වාර්ෂිකව බිලියන 1,000කට වඩා ගෙවීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා රටේ දිනක ආදායම කෝටි 400ක් වන අතර වියදම කෝටි 1,000ක් බවත්, ඒ හේතුවෙන් දිනපතා කෝටි 600ක් ණයවීමට සිදුව ඇති බවත් ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලබන වසරේදී නව බලාපොරොත්තු සහිත අයවැයක්