
(අංජුල මහික වීරරත්න)
2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
"නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම" යන තේමාව පදනම් කර ගනිමින් 2026-2030 රාජ්‍ය මූල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපක්ති රාමුව වන "පොහොසත් රටක් - ලස්සනා ජීවිතයක්" යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය.
2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ඇතුළත් ප්‍රමුඛතාවන් සහ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන් කෙරෙහි මුලිකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ සහ විධිවිධානයන්ට සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ඒ ඒ අමාත්‍යාංශ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා සියලුම අමාත්‍යංශ වෙතින් යෝජනා ලබා ගැනීමට නියමිතය.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අයවැය දෙවනවර කියවීම (අයවැය කථාව) 2025 නොවැම්බර් මාසයේදී සිදු කිරීමටත්,තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පැවැත්වීමටත් හැකි වන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලබන අයවැය සකසන්න කැබිනට් අනුමැතිය