(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව අමාත්‍ය ඩේවිඩ් රට්ලි මහතා එම ගෙවීම් සම්බන්ධව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වේ.
එම මාර්ග ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළුව විදෙස් තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන විශාල සංඛ්‍යාවක් භාවිතයට ගත්තත් ඒ සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 15 ක දෛනික ගාස්තුව මෙතෙක් ගෙවා නොමැති බව රට්ලි මහතා පෙන්වා දී තිබේ.
ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා 2003 වසරේ පෙබරවාරි මාසයේදී මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙන ලද අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල ගෙවිය යුතු සම්පූර්ණ මුදල ස්ටර්ලිං පවුම් මිලියන 145 ඉක්මවන බව රුට්ලි මහතා ප්‍රකාශ කර ඇත.
මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිටින අතර එම කාර්යාලය ගෙවිය යුතු මුළු මුදල ස්ටර්ලිං පවුම් 14643495 කි.විදෙස් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන එම ගාස්තුව ගෙවිය යුතු නැතැයි පැවසීමට නීතිමය රාමුවක් නොමැති බවත් සියලුම රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්සත් රාජධානි නීතියට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රට්ලි මහතා ප්‍රකාශ කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලන්ඩනයේ සැප පාරවල්වල ගිහින් කෝටි 261ක් පොලු තියලා
namal Sunday, 17 September 2023 10:09 AM
වංචා, දූෂණ සහ පොලු තියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ලංකාවේ අයගෙන්...
BandarA Sunday, 17 September 2023 10:35 AM
බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයේ සේවය අන්තිම දුර්වලයි.