IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන්

(චාපා මධුභාෂිණී)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 22 දෙනකු ලාදුරු රෝගයට මේ වසරේ ලක්වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

මෙම වර්ෂයේ අගෝස්තු මාසය වන විට ලාදුරු රෝගීන් 25 දෙනකු ප්‍රතිකාර ලබන අතර, අලු‍තින් ලාදුරු රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් රෝගීන් 22 දෙනකු හා පසුගිය වසරේ හඳුනාගත් රෝගීන් තිදෙනකු ද තවමත් ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව, තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 5ක් ද, මැදිරිගිරිය ප්‍රදේශයෙන් 3ක් ද, ලංකාපුර ප්‍රදේශයෙන් 3ක් ද, වැලිකන්ද ප්‍රදේශයෙන් 4ක් ද, හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් 2ක් ද, අරලගංවිල ප්‍රදේශයෙන් 5ක් ද, සිරිපුර ප්‍රදේශයෙන් 3ක් ද වශයෙන් රෝගීන් හඳුනාගෙන ඇති අතර, ඇලහැර ප්‍රදේශයෙන් මේ වන තුරු කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එම දත්ත සඳහන් කරයි.

මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු රෝගීහු පස්දෙනෙක් ද සිටිති. රෝගය හඳුනා ගැනීමට කල් ගිය, ආබාධිත තත්ත්වයේ පසුවන පස්දෙනකු ද මේඅතර සිටින බව දිස්ත්‍රික් සෞඛ්‍ය ‌සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පැවැසීය.

මෙලෙස හඳුනාගත් රෝගීන් අතුරින් බෝවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 19ක් සහ බෝ නොවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 6ක් වශයෙන් වෙන් කොට හඳුනාගෙන ඇත.

මේ වන විට සායනික ලෙස පොළොන්නරුව, මැදිරිගිරිය සහ හිඟු‍රක්ගොඩ රෝහල්වල සමේ රෝග සායනයෙන් ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කෙරේ. මෙම වසරේ හමු වූ රෝගීන් හා පෙර වසරවල හමු වූ රෝගීන් ද ඇතුළත්ව පොළොන්නරුව රෝහලේ සායනයෙන් රෝගීහු 40ක් ද, මැදිරිගිරිය මූලික රෝහලෙන් රෝගීහු 12ක් ද, හිඟුරක්ගොඩ රෝහලෙන් රෝගීහු 4ක් ද වශයෙන් සායනිකව ප්‍රතිකාර ලබති.

මෙලෙස රෝගය හඳුනාගෙන, එහෙත් ප්‍රතිකාර ලබා නොගෙන හැරගොස්, නැවත රෝගය උත්සන්නව ප්‍රතිකාර ලබන රෝගීහු දෙදෙනෙක් ද ඒ අතර වෙති.

සමෙහි ලා පැහැති ලප, එම ස්ථානවල දැනීම අඩු බව වැනි ලක්ෂණ ඇත්නම් තමන්ටම රෝගය හඳුනා ගැනීමට හැකි අයුරින් සෞඛ්‍ය අංශ මේ වන විට රෝගීන්ට පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

එවැනි සමෙහි ලා පැහැ ලප වැනි ස්ථාන ඇත්නම් ඒවායේ ඡායාරූප ගෙන 0754088604 හෝ 0754434085 යන අංකවලට වට්ස්ඇප් පණිවුඩයක් මගින් යවා, මෙම රෝගය වැළඳී ඇත්ද යන්න තමන්ටම සැක හැර දැනගැනීමේ අවස්ථා සලසා දී ඇත.

එසේත් නැති නම්, මෙම රෝග ලක්ෂණ ඇත්නම්, ආසන්නම රෝහලට ගොස් පෙන්වා, වෛද්‍ය උපදෙස් ලබාගෙන, ප්‍රතිකාරවලට යොමු විය හැකිය.

මෙම රෝගයට අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බවත්, මේ වන විටත් ඊට ඖෂධ හඳුනාගෙන ඇති අතර, කාලයක් ප්‍රතිකාර කිරීමෙන් රෝගයෙන් මිදීමට හැකි බවත්, පොළොන්නරුවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බී.ජී. ඔභාෂා එම්.අයි. චන්ද්‍රසිරි මෙනවිය පැවැසුවාය.



අදහස් (1)

ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන්

ඩඩ්ලි Tuesday, 05 September 2023 11:32 AM

සිරාට ලාදුරු තිබ්බෙ නැත්නම් බෝම්බ ගහනකල් නොදැනෙන්න විදියක් නෑ

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site