IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොතරැයියක් ඇදුණු ව්‍යාපාරිකයා පැහැරගෙන

(සුරංග රාජනායක)

රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ එම පුද්ගලයා මුදාගෙන ඊට සම්බන්ධ කල්ලියේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පැහැරගෙන සිරකර සිට ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නැමති පුද්ගලයෙකි.

මොහු සිරකරගෙන සිටියැයි පැවසෙන ලී මෝල් හිමියකු ඇතුළු සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටිනවා යයි විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

ඒ අනුව ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා මෙසේ මුදා ගෙන තිබුණි.



අදහස් (1)

ලොතරැයියක් ඇදුණු ව්‍යාපාරිකයා පැහැරගෙන

ලක්වැසියෙක් Monday, 07 August 2023 08:10 AM

යකෝ දැන් රටේ තත්වේ හැටියට ලොතරය්යක් වැටුනානම් එකත් අරන් ගෙවල් දොරවල් විකුණලා කොහෙට්ට හරි පලයල්ලා. නොදන්නා පළාතකට . රුපියල් සීයට ත් මිනී මරණ කාලේ.... ආසියාවේ අස්චර්‍ය තමයි මේ දැන් අපි භුක්ති විඳින්නේ. හොඳයි නේද.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site