IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 10 ක්

(යොහාන් භාසුර)

රිජ්වේ ආර්යා රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය’ට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.  

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම මුදල එම රෝහලට ප්‍රදානය කරන බවත් එම ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගත් බවත් සභාපතිවරයා කීය.

මෙවර එල්.පී.එල්. තරගාවලියේ හයේ සහ හතරේ පහර සහ නිපන්දු සංඛ්‍යාව අනුව ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට මුදල් රැස්කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කළ අතර මූලික වටයේ තරග අවසන් වන විට එම වැඩසටහනෙන් රුපියල් මිලියන 6.7 ක් රැස්ව තිබුණි. 



අදහස් (2)

‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 10 ක්

R.G.විමලසේන Friday, 18 August 2023 08:17 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ මහා පුන්‍ය කර්මය ශ්‍රී ලංකාවාසී හෘද රෝගීන්ට ඉතාමත් වැදගත් මෙහෙවරක් බවත් මෙම කළ පුන්‍ය කර්මය හේතුවෙන් ශ්‍රී ලංකව නැවතත් ලෝක කුසලානය ගෙන ඒමට ගරු සභාපතිතුමා ඇතුළු සියලු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ලංකාවාසී ජනතාවගේ සුබ පැතුම් එක් කරමි.

:       0       1

Nimal Friday, 18 August 2023 10:15 AM

ඉතාම හොඳවැඩක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site