(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.
මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.
රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් රුපියල් 113 කින් පහළට
AIYO PEIRIS Monday, 05 September 2022 12:59 PM
කෝටි 70 ක් අගෝස්තු වල ලාබ අරගෙන (අහිංසකයින්ගෙ තුට්ටු දෙක) කිලෝ එකට රුපියල් 9ක්, අසරණ අතපාන අයත් බලලනේ..!
ranjith Monday, 05 September 2022 03:28 PM
දහස් ගණනින් වැඩිකරලා ජනතාව සූරාකනවා. ඡන්දෙ කිට්ටුවෙනකොට තව කීයක්හරි අඩුකරයි. මොවුන්ට ඡන්දයක් නෙවෙයි.. ඡන්ද හිඟාකන්න එනකොට ඉලපත තමයි ගන්න ඕනේ.
ජගත් ලියනගේ Monday, 05 September 2022 07:59 PM
රුපියල් 1350/- ගත්තේ අවුරුදු 25කට ඉස්සෙල්ලා නෙවෙයි...
පුරවැසියෙක්..... Monday, 05 September 2022 08:12 PM
නිසි කළමනාකරණයකින් තොරව පවත්වාගෙන ගිය මෙම ආයතනය පාඩු ලැබූ විට රුපියල් දහස් ගණනකින් ගෑස් මිල වැඩි කොට , පසුව ආයතනය ලාබ ලැබූ බව මහත් උජාරුවෙන් ප්‍රකාශ කළා. අනතුරුව ජනතාවට සහනයක් සලසන බව පවසමින් රුපියල් 113 කින් ගෑස් මිල අඩු කිරීම හරිම විහිළුවක්...