IMG-LOGO

ලංගම බසය විය සුබ ගමනට පිහිට

දරු සෙනෙහසක සිහිනය ළං වී       සිතට

දෙහදක මල් පැතුම් සුපිපී නැගි        මුවට

එක්වන රිසින් නෑදෑ පිරිවර             මැදට

ලංගම බසය විය සුබ ගමනට          පිහිට  - පද ආරියසේන හඳුවල

(ප්‍රියන්ත දසනායක සහ අජිත් ලංකාතිලක)

අකුරැස්ස මාරඹ ප්‍රදේශයේ විවාහ වූ තරුණ යුවළක් සිය මංගල ගමනට පාර ප්‍රවාහන ලංගම බස් රථයක් යොදාගත් අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි. 

පවතින ඉන්ධන, ආර්ථික අර්බුදය නිසා මෙම තීරණය ගත් බ නව යුවතිපතිහු පවසති.

ඉතාම චාම්ව හා අභිමානවත්ව පැවති මංගල උත්සවය රටට බරක් නොවන අයුරින් සැලසුම් කළ  කළ බව මාරඹ ඉදිකටුදෙනිය, විතානගිරි නිවසේ පදිංචි දමිත් ප්‍රියදර්ශන මනාල මහතා පැවැසීය.

සිය බිරිඳ වූ ඉසංකා මදුෂාණි සමග මාරඹ උත්සව ශාලාවකදී විවාහ වූ ඔවුන් දෙපළ නෑදෑ හිතමිතුරන්ට ආහාර පානවලින් සංග්‍රහ කොට පසුව අකුරැස්ස සිට දෙනියාය බලා ධාවනය වන බස්‍ රථයකින් නිවස වෙත පැමිණි බවත් දමිත් මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

ලංගම බසය විය සුබ ගමනට පිහිට

Nimal Monday, 30 May 2022 02:03 PM

පම්පෝරි ගහන කාට කාටත් නියම ආදර්ශයක්... ඔබ දෙපළට ජයවේවා. විවාහ දිවියත් සාර්ථක වේවා..!

:       3       111

swiss Monday, 30 May 2022 02:26 PM

පලමුව සුභ පැතුම මේ යුවලගෙ මංගල දිවියට...!! ඒ වගේම අපේ මතකයට ආවා. පෙලපාලිවල පෙට්ටිය කරේ තියාගෙන අවමංගල ගමන් "" ප්‍රී-ෂූට් "" කරපු අයවත්..!

:       4       55

Eranga Monday, 30 May 2022 03:29 PM

කාටවත් ආදර්ශ දෙන්න ඕනෑ නම් කරන්න ඕනේ ඔය විදියට මගුලක්වත් නොකා රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් අත්සන් කරලා විවාහ වෙන එක. උත්සවශාලා වලට ගිහින් කාල බීලා එන්න පුළුවන් නම් වාහනයකට වියදම් කරන්න සල්ලි නැතුව නෙවෙයිනේ. මේකත් එක සෝබන වැඩක් විතරයි...

:       32       49

රාවණා Monday, 30 May 2022 04:42 PM

මීඩියා වල හිට් වෙන්න කට්ටිය නොයෙකුත් දේවල් කරනවා මේ දවස්වල... පාපැදිවල වැඩට යනවා, බස් වල දෙවැනි ගමන් යනවා, මඟුල් ඇදුමින් අරගලයට යනවා.. වැරැදිලා හරි බස් එකේ සීට් එකක් ලැබුණේ නැතිනම් හිටගෙන යනවද?

:       15       42

Bunny Preena Tuesday, 31 May 2022 09:25 AM

මනමාල යුවලට මගේ උණුසුම් සුබ පැතුම්.. පොල් පැටෙවුවා වගේ සෙනග ඉන්න බස් එහෙක නැග්ගත් මනමාල යුවලකට සීට් එකක් දෙන්න මගී ජනතාව බසුබට වෙනනෙ නැහැ.

:       2       16

sharm warn Wednesday, 08 June 2022 12:36 PM

එක එක්කෙනා මේක කැමැති විදිහට දකීවි. මම නම් හිතන්නේ මේ දෙන්නා තමන්ගේ ලස්සන දවස ලස්සනට සමරලා ජීවිතයට අනවශ්‍ය බරක් හදාගන්නේ නැතිව අලුත් ජීවිතයක් පටන් ගන්න හොඳම දෙයක් කළා කියලා.. නිකන් ලියාපදිංචි කරන්න කියලා එයාගේ ලස්සන දවස පහත් කරන්න අපිට අයිතියක් නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 377 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 834 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site