
(රංජිත් රාජපක්ෂ)
කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත (01) දින අලුයම ඇතුළත් කල බව වටවල පොලිසිය පැවසිය.
අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදිය.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසිය පැවැසීය.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගින් 18 දෙනකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතල නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල මගින් 100 දෙනකු පමණ ගමන් කරමින් සිටි බව අනතුරෙන් තුවාල ලබා වටවල රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු පැවසිය.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම බසය ප්‍රපාතයට පෙරළේ
සල්ලි Tuesday, 01 August 2023 10:18 AM
ලංගම ලොරිය ප්‍රපාතයේ කීවා නම් හරි. ඕවා බස් නෙමේ ලොරි. ලංකාවේ ඉන්නවා ඒසී බස් එකක ජීවිතේට නොගිය මිනිස්සු. හැබැයි අපි රොකටුත් ඇරියා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා මිනිස්සුන්ගේ ඉල්ලීම නිසා...