IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංගමෙන් රතු එළියක්

(නිමල කොඩිතුවක්කු)

වසර පහකට ආසන්න කාලයක් කල්මරමින් සිටින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ නිලධාරීන්ගේ වැටුප් විධිමත්ව සංශෝධනය කිරීමට කඩිනම්ව මැදිහත් වන්නයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම්   දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය සිදු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විෂය භාර අමාත්‍යවරුන් සහ බලධාරීන් දැනුවත් කළත් කිසිදු පලක් නොවූ බවත් ඔහු පැවසීය.

වසර පහක් තිස්සේ මෙම කල්මැරීම ශ්‍රී ලංගම සේවකයන්ට තවදුරටත් ඉවසිය නොහැකි බවත් මෙම ගැටලුව කඩිනමින් විසඳන්නයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (3)

ලංගමෙන් රතු එළියක්

Lal Monday, 08 January 2024 04:58 PM

මේවා පිං පඩි හොර ගුහා .... ප්‍රයිවට් කරලා දාමු ඉක්මනටම...

:       3       19

Wickey Monday, 08 January 2024 05:02 PM

මේවා කොහොමත් රතු පාට තමයි.. ජෙප්පන්ගේ යුද කඳවුරු මේවා...!

:       9       12

anaTuesday, 09 January 2024 06:39 AM

ජෙප්පො නොවෙි මේවායේ ඉන්නේ නිල් පාටට කොල පාටට පෝසටර් ගහපු නඩේ. නිල් කොල ආංඩු තමන්ගේ හෙංචයියන්ට රැකියා දෙන්න මේ ආයතන පවත්වාගෙන යන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site