IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලග්ගල ගොවියෝ රටකජු අස්වැන්නේ සරු ඵල නෙළති

(කාංචන කුමාර ආරියදාස)
 
මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ කළු ගඟ ජලාශයේ මංගල දියවරෙන් වගා කෙරුණු රටකජු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ සිදුවේ.
 
මීට පෙර ලග්ගල ප්‍රදේශයේ  වසරකට එක කන්නයක්  වැඩ කෙරුණු කුඹුරු, කන්න දෙකම වැඩ කිරීම සඳහා හැකිවූ බව ගොවීහු පවසති.  ජනතාව ගොඩ බෝග සඳහා හුරු වීමත් සමඟ බොහෝ ඉඩම්වල රටකජු වගා කර තිබිණි. 
 
රටකජු   කිලෝවක් සඳහා රුපියල් 210 ක ඉහළ මිලක් ලැබෙන  බව ගොවීහු පෙන්වා දෙති.
 
ගොවියන්ද, කාන්තාවන් ද, කුඩා ළමුන්ද එක්ව සතුටින්  අස්වැන්න නෙළන ආකාරය දැකගත හැකිය.



අදහස් (7)

ලග්ගල ගොවියෝ රටකජු අස්වැන්නේ සරු ඵල නෙළති

shantha Qatar Thursday, 22 August 2019 08:10 AM

මගේ රටට දළදා හිමි සරණයි!!! මගේ දැයට දළදා හිමි සරණයි!!!

:       10       270

සමන් Thursday, 22 August 2019 10:39 AM

මොනවා වුණත් සිරිසේන ජනාධිපතිතුමාගේ ඉතාම වටිනා වැඩක් මේක... මහින්ද මේ වගේ ඵලයක් ඇති වැඩ කලේ අඩුවෙන්...

:       79       445

නුවන්Friday, 23 August 2019 07:12 AM

මහින්ද කරේ කණුවක් තාප්පයක් ගානේ මහා රජාගේ බෝර්ඩ් ගහපු එකනේ

:       2       45

malaka Thursday, 22 August 2019 10:58 AM

සමහරක් අයට මේවා පේන්නේ නෑ...

:       0       0

max Friday, 23 August 2019 11:45 AM

ලග්ගල ගොවි මහතුන්ට වාසියක් වීම ගැන ඉතාම සතුටුයි. කළුගඟ ව්‍යාපෘතිය ඉක්මන් කළ ජනපතිතුමාට, එය අරම්භ කල මහින්ද මහතාටත් ස්තුතියි. දේශපාලන කෝණයෙන් ඒ දිහා බලන සමන්, නුවන් වගේ කමෙන්ට් කාරයින්ට නම් හැබෑවටම විකාර...

:       376       43

chandima Friday, 23 August 2019 02:47 PM

මොනතරම් හොඳ අස්වැන්නක් ගත්තත් රටකජු ගොවියන්ගේ ජීවන මට්ටම රටකජු වගාවෙන් නංවන්න පුළුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්... රටකජු ගොවියන්ට ඇති බිම් ප්‍රමාණයත්, උපරිම අස්වැන්නක් යටතේ ලැබෙන අස්වනු ප්‍රමාණයත්, ඒ සඳහා ගොවිමහතා සහ ඔහුගේ පවුලේ උදවිය වැයකළ වැඩකරන පැය ගණනත්, යන්ත්‍ර සුත්‍ර සහ ඉන්ධන, තෙල් ආදී වියදම් වූ අනෙකුත් පිරිවැයත් ගණන් බැලුවම අවසානයේ මේ රටකජු අස්වැන්නෙන් ගොවියා ලබන ලාභය ඔහුගේ පවුලේ ජීවන වියදම සරිකර ගැනීමට ප්‍රමාණවත්ද? රටේ දල ඒකපුද්ගල අාදායමට අනුව ඔහු සිටින්නේ කොතැනද? මේ විදියට සියල්ල සසඳා බලා ලැබූ අස්වැන්න ගැන උදම් අනනවා නම් තමයි වඩාත් කාලෝචිත වන්නේ... රට කරවන මහජන නියෝජිතයින්ට අවුරුදු 5ක් රටේ ධනය සූරාකමින් විදේශීය සෞඛ්‍යය පහසුකම් විඳිමින්, ජනාධිපතිතුමා කීවක් මෙන් රුපියල් ලක්ෂ 4කටත් වඩා වැඩි වැටුපක් ලබමින් හින්දා අවසානයේ ජීවිතාන්තය දක්වා වූ විශ්‍රාම වැටුපකටත් හිමිකම් කියන රටක් මේ රටකජු වගාවෙන් මේ ගොවිපවුල්වලට අඩු තරමින් බෙහෙත් පෙත්තක්වත් මිලදී ගත හැකිද? දරුවන්ට පාසල්යාමට සපත්තු කුට්ටමක් මිලදීගත හැකිද? දෙනවා යයි කියන ටැබ් එකෙන් ගෙදර සිට ඉගෙනීමට අන්තර්ජාල පහසුකම් මිලදී ගත හැකිද?

:       0       3

isurandi Saturday, 24 August 2019 06:32 AM

කවුරු රට පාලනය කළත් මේ රට කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කරනවා නම් ඊට වඩා සතුටක් මට නම් ඕනෑම නැත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site